මේ දේ හරියට කරොත් ගෙදර සල්ලි උතුරාවී … ලුණු කැටවලින් විශ්මිත කෙමක්

 


අද  අපි අරගෙන ආවේ ධනය බලය සෞභාග්‍ය උදා කරන විශ්මිත කෙමක් ගැන තොරතුරු.

මේක ඉතාම බලගතු සහ ඉක්මන් ප්‍රතිඵල ලබාදෙන පුරාණ කෙමක්..

මේකෙම හරියටම කරොත් ඔයාගේ ජීවිතේ හිතා ගන්නවත් බැරි විදියට වෙනස් වෙන්න පටන් ගනියි.

ඒ වගේම මේකෙන් නිවසේ තියෙන දෝෂ දුරු කරනවා.

ඒ විතරක් නෙමෙයි. ඔබේ ගෙදරට සෞභාග්‍ය උදා කරලා දෙනවා.

මේ ප්‍රතිඵල ඔයාගේ ජීවිතේ පුදුමයෙන් පුදුමයට පත්කරයි.

විශේෂයෙන්ම ඔයාගේ ආර්ථික අපහසුතා ඒ වගේම නිකරුණේ මුදල් වියදම් වීම් අවම කරනවා.

මේ රහස් කෙමෙන් දවසින් දෙකින් පොහොසතෙක් වෙන්න නම් බෑ.

අවම වශයෙන් දවස් 14ක් උපරිම දවස් අනූවක් ගත වෙනවා.

රහස් කෙමෙන් කරන්නේ , භෞතිකව ඔයා මහන්සි වෙන ඉලක්කයක් හීනයක් තියෙනවා නම් , ඒක ඉක්මනින්ම ළඟා කරදෙන්න වගේම එහි ප්‍රතිඵල දෙගුණ තෙගුණ කරලා දීමක්…

හැබැයි මේ කෙම කරනකොට ඔයා ඔයාගේ පැත්තෙනුත් උත්සාහවන්ත වෙන්න ඕනි.

තමන්ගේ පැත්තෙන් ඒ හීන හැබෑ කරගන්න කිසිම දෙයක් නොකරන කෙනෙකුට නම් මේ කෙම හරියන්නේ නැහැ.

හරි අපි බලමු කොහොමද මේක කරන්නේ කියලා.

මේ රහස් කෙමට අපිට ඕන වෙනවා පිරිසුදු වීදුරු බෝතලයක් . නැත්තම් අලුත් කෝප්පයක් … බෝතලයක්නම් ගොඩාක් හොඳයි…

ඒවගේම ලුණු කැට ටිකක් අවශ්‍යය වෙනවා.

ඔයා ගන්න වීදුරු බෝතලේ අලුත් එකක් වෙනවා නම් හොඳයි.

පිළී ජාති එහෙම දාපු බෝතලයක් බැරිවෙලාවත් මේ කෙම සිදුකිරීම සඳහා ගන්න එපා.

මේ දේ කරද්දි කාටවත් කියන්න එපා.

කාටවත් පේන්න කරන්නත් එපා.

මේ දේ සිදුකිරීමට නිශ්චිත දිනයක් තියෙනවා.

ඒ තමයි බ්‍රහස්පතින්දා.

බ්‍රහස්පතින්ද උදේ හතත් නමයත් අතර මේ දේ සිදු කරන්න ඕන.

කෙම සඳහා භාවිතා කරන ලුණු , ගෙදර භාවිතා කරන ලුණු වලින් ගන්න එපා.

මේ වෙනුවෙන්ම ලුණු පැකට් එකක් කඩෙන් ගන්න.

මතක ඇතුව ලුණු කැට තමයි ගන්න ඕන.

උදේම නාල කරල පිරිසිදුව මේ කෙමට ලෑස්ති වෙන්නන ඕනේ.

දැන් ලුණු ටික බල ගන්වන විදිය බලමු.

” ඕම් ශ්‍රීම් ධන ලක්ෂි නමෝ නමහ් ”

මෙය හත් වතාවක් කියන්න ඕනේ.

ඔයාගේම අතින් මේ මන්ත්‍රය කියන ගමන් ලුණු ටික බෝතලේට දාන්න ඕනේ.

බෝතලෙන් තුනෙන් එකක් පිරෙන්න දාන්න.

ඒ වගේම මේ වෙලාව එයා ප්‍රාර්ථනා කරන්න ඕනේ ඔයා කරන කියන හැමදේම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා.

ධන යෝගයත් එක්කම, ගෙදර දොරේ සාමය සෞභාග්‍ය වඩා වර්ධනය වෙන්න කියලා.

ඒක ඔයාගේ හිතින් මවා ගන්න..

එයා ධනවත් වෙලා ඉන්න හැටි ඔයාගේ පවුල සමගියෙන් ඉන්න හැටි…

දැන් මේ ලුණු බෝතලය ගිනිහිල්ලා ඔයාගේ ඇඳ යට ඔයා නිදා ගනිද්දි ඔයාගේ කොට්ටේ තියෙන ස්ථානයේ පහළට වෙන්න තියන්න.

බැරිවෙලාවත් මේ ලුණු බෝතලේ ඔයාලා කකුල තියෙන පැත්තට නම් තියන්න එපා.

ඇඳ මැද්දෙන් තියන්න යන්නත් එපා.

මතකයිනේ. හරියටම ඔලුව තියෙන කොට්ටේ තියෙන හරියෙන් ඇඳ යටින් තියන්න.

විශේෂයෙන්ම මතක ඇතුව මේ බෝතලේ මූඩිය ගලවලා තමයි තියන්න ඕන.

මේ කෙම කරලා දවස් දාහතරකින් පස්සේ ඔයාට මේ කෙමේ බලය දැනෙන්න පටන් ගනියි.

මාස තුනක් ඇතුළත ඔයාට අලුත් අවස්ථා ලැබෙන්න පටන් ගනී.

කරන කියන දේවල් හිතා ගන්නවත් බැරි විදියට සාර්ථක වෙන්න පටන් ගන්නවා..

ඉතින් කරලම බලන්නකෝ…

උපුටාගැනීමක්..

✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post