තරුණයෙක් එක්ක පැන ගිහින් විවාහ වූ දුවගේ අවමංගල්‍ය උත්සවය ජීවත්ව සිටියදීම සිදුකරලා

 


අනාගමික තරුණයෙකු සමග පලා ගොස් ඔහු සමඟ විවාහ වූ තරුණියකගේ දෙමව්පියන් විසින් ඇයගේ අවමංගල්‍ය උත්සවය පැවැත්වූ පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

බටහිර බෙංගාලයේ නාඩිය දිස්ත්‍රික්කයේ තරුණියක් මෙලෙස තරුණයෙකු සමඟ පලා ගොස් ඔහු සමඟ විවාහ වී ඇති අතර එම විවාහය සිදු වී දින 12කට පසු ඇය ජීවත්ව සිටියදීම ඇයගේ මව්පියන් සහ ඥාතීන් එක්ව තරුණියගේ ශ්‍රද්ධා උත්සවය ( අවමංගල්‍ය උත්සවය) පවත්වා ඇති බවයි වාර්තා වන්නේ.

විශ්ව විද්‍යාල ශිෂ්‍යාවක් වන මෙම තරුණියගේ වුලේ අය පැවසුවේ අය පවුලට අපකීර්තියක් ගෙන දුන් නිසා ඇය මිය ගිය බව සිතා 'ශුද්ධා උත්සවය පැවැත්වූ බවයි.

"ඇය අපට මැරුණා හා සමානයි. අපි ඇයට විවාහය සංවිධානය කළා, නමුත් ඇය අපට සවත් දීමටවත් කැමති වුණේ නැහැ. මේ විදියට අප හැර යාමෙන් ඇය අපකීර්තියක් ගෙනාවා." යනුවෙන් තරුණියාගේ මව මාධ්‍ය වෙත පවසා ඇත්තේ

හිස කෙස් කැපීම ඇතුළුව 'ශුද්ධා වාරිත්‍ර සියල්ලම මඟින් විසින් අනුගමනය කර ඇති අතර පුස්කවරයා උත්සවය පැවැත්වු ස්ථානයේ තරුණියගේ ඡායාරූපයක් මල්මාලාවක් ද දමා තබා තිබූ බවයි වාර්තා වුණේ

මෙහිදී තරුණියගේ සියලු පෞද්ගලික බඩු බාහිරාදිය ද පුඵස්සා දවා ඇති බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

ප්‍රාදේශීය විද්‍යාලයන දෙවන වසරේ ඉගෙනුම ලැබූ මෙම තරුණිය ඇයට පවුලේ අය විවාහය සංවිධානය කර තිබුණක් ඊට දැඩි ලෙස විරුද්ධ වී තිබෙනවා.

එහිදී පවුල තුළ කිහිප වතාවක්ම ඇති වු ආරවුල් වලින් පසුව, ඇය වෙනත් ආගමකට තරුණයෙකු සමඟ නිවසින් පිටවිගෙස් මොලෙස විවාහ වී ඇති බව සඳහන්..

✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post