ඊශ්‍රායලය සහ ඉරානය සටන් විරාමයකට එකඟ වී ඇතැයි ට්‍රම්ප් කියයි

 


ඉරානය සහ ඊශ්‍රායලය අතර පූර්ණ සටන් විරාමයක් සඳහා එකඟ වී ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.

සිය සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් අමෙරිකානු ජනාධිපතිවරයා ඒ බව සඳහන් කර ඇත.

එහිදී අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ ඉදිරි පැය 6ක කාලය තුළ එම සටන් විරාමය ආරම්භ වනු ඇති බවය.

මැදපෙරදිග යුද්ධය ඉදිරි පැය 24 තුළ නිල වශයෙන් අවසන් වන බව ද එම සටහනේ සදහන්ය.

සිය සමාජ මාධ්‍ය සටහනේ අවසානය "දෙවි පිහිටයි ඉරානය, දෙවි පිහිටයි මැදපෙරදිග, දෙවි පිහිටයි අමෙරිකාව සහ දෙවි පිහිටයි ලෝකය" යනුවෙන් අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කර තිබේ.

කෙසේවෙතත් ඊශ්‍රායලයෙන් හෝ ඉරානයෙන් මේ පිළිබඳව තවමත් අදහස් දැක්වීමක් සිදුකර නොමැත. 


Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post