ඔබේ රියදුරු බලපත්‍රයයි, අංක තහඩුවයි තාම ලැබුනේ නැද්ද?


 නවතම ක්‍රමවේද සහිත නව රියදුරු බලපත්‍ර නිකුත් කිරීම ඉදිරියේදී සිදු කිරීමට නියමිත බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා. ඔහු මෙම අදහස් පළ කළේ පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්. මන්ත්‍රීවරයා එහිදී ප්‍රශ්න කළේ රියදුරු බලපත්‍ර මෙන්ම වාහන අංක තහඩු නිකුත් කිරීමද ප්‍රමාද වී ඇති බවයි.

ඊට ප්‍රතිචාර දක්වමින් අමාත්‍ය බිමල් රත්නායක මහතා සඳහන් කළේ නවතම ආරක්ෂක ක්‍රමවේද සහිත නවීන තාක්ෂණයෙන් යුත් නව අංක තහඩු නොවැම්බර් 15 වනවිට ලබාදීමට කටයුතු කරන බවයි.


මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ විවිධ අක්‍රමිකතා සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් පළ වුණා.


✅✅✅✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post