මිද්දෙණියේ රසායන ද්‍රව්‍ය ගැන රස පරීක්ෂක වාර්තාවෙන් හෙළි වූ දේ


 මිද්දෙණිය ප්‍රදේශයෙන් පසුගියදා සොයාගත් රසායනික ද්‍රව්‍යවල සාම්පල පිළිබඳ රජයේ රස පරීක්ෂකවරයාගේ වාර්තාව පොලිසිය වෙත භාර දී තිබේ.

පොලිසිය පැවසුවේ අදාළ වාර්තාවට අනුව ඒවා අයිස් මත්ද්‍රව්‍ය සෑදීමට යොදාගන්නා රාසායනික ද්‍රව්‍ය බවට තහවුරු කර ඇති බවය.

කෙහෙල්බද්දර පද්මේ හා කුඩු නිලංග මෙරට තුළ අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීමට භාවිත කරන බව කියන රසායනික ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 50,000ක් පමණ බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය මිද්දෙණිය ප්‍රදේශයෙන් පසුගිය සැප්තැම්බර් 06 වනදා සොයා ගනු ලැබීය.

ඒ කෙහෙල්බද්දර පද්මේ සමග ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගනු ලැබූ බැකෝ සමන් නැමැත්තාගෙන් බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය කළ ප්‍රශ්න කිරීම්වලින් අනාවරණය කරගත් තොරතුරු අනුවය.

අනතුරුව අදාළ රසායනික ද්‍රව්‍ය සාම්පල පරීක්ෂණ කටයුතු සඳහා අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයට සහ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට යොමුකර තිබුණි.

ඊට අදාලව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ වාර්තාව පසුගියදා නිකත් කෙරුණු අතර එහි දැක්වුනේ එම රසායනික ද්‍රව්‍ය සාම්පල 20න් 17කම අයිස් මත්ද්‍රව්‍ය සෑදීමට යොදාගන්නා රසායනික ද්‍රව්‍ය ඇති බවය.

මේ අතර අදාල රසායනික ද්‍රව්‍ය සම්බන්ධයෙන් රස පරීක්ෂක දෙපාර්තමේන්තුව සිදුකළ විමර්ශනයේ වාර්තාව අද පොලිසියට භාර දී ඇත.

පොලිසිය පැවසුවේ මිද්දෙණිය ප්‍රදේශයෙන් සොයාගත් එම රසායනික ද්‍රව්‍ය අයිස් මත්ද්‍රව්‍ය සෑදීමට ගන්නා රසායනික ද්‍රව්‍ය බවට එම වාර්තාවෙන් තහවුරු කර ඇති බවය.

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post