ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගත්, මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික කෙහෙල්බද්දර පද්මේ සම්බන්ධව පොලීසිය විසින් සිදුකළ විමර්ශන වාර්තාවක් අද (19) දින කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය.
අදාළ සැකකරු රැඳවුම් නියෝග මත රඳවා ගෙන විමර්ශන සිදු කරන බවත් ගණේමුල්ල සංජීව ඝාතනයට මෙම සැකකරු සම්බන්ධ දැයි වැඩිදුර විමර්ශන සිදුකරන බව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එම වාර්තාව ඉදිරිපත් කරමින් අධිකරණය හමුවේ සඳහන් කළේය.
කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා හමුවට මෙම වාර්තාව ඉදිරිපත් කර ඇත.
Redirecting in a moment...
Tags:
News
