රාජ්‍ය බැංකු ශාඛාවක තිබූ රුපියල් කෝටි දහතුනහමාරක මුදලක් දෛනික පොලී ලබා ගැනීමේ අරමුණින් විවිධ බැංකුවල ගිණුම් සදහා බැර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු එම බැංකුවේ කඩුවෙල ශාඛාවේ අයකැමිවරයා ලබන මස 13 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගතකර තිබෙනවා.
වට්ස්ඇප් හරහා තරුණියකට ඇමතුමක් ලබාදී අදාළ අයකැමිවරයාට දැනුම් දී ඇත්තේ තැන්පත් කරන මුදලට දෛනිකව සියයට දහයක පොලී මුදලක් ලබා ගත හැකි බවටයි.
ඒ අනුව සැකකරු විසින් රුපියල් තිස් දහසක මුදලක් එම තරුණිය ලබාදුන් ගිණුමකට බැර කර ඇති අතර එලෙස ගිණුම් ගතකර පැය කිහිපයක් ඇතුළත රුපියල් තිස්තුන් දහසක මුදලක් සැකකරුට ලැබී තිබෙනවා.
ඒ අනුව පෙරේදා දින රාජකාරී සඳහා කඩුවෙල පිහිටි අදාළ බැංකු ශාඛාවට පැමිණි සැකකරු, එහි තිබූ රුපියල් දහතුන් කෝටි පනස් එක් ලක්ෂයකට වැඩි මුදලක් දුරකථන ඇමතුම් ලබා දුන් තරුණිය විසින් ලබාදෙන විවිධ ගිණුම් සඳහා එක් දිනක් තුළදී බැර කර ඇති බවයි හෙළි වී ඇත්තේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
Tags:
News