ශරීර වර්ණය පැහැපත් කරගැනීමේ අරමුණ සහ තවත් අරමුණු සඳහා බොහෝ දෙනෙකු භාවිත කරන විවිධ ආලේපන වර්ගවල ශරීරයට අහිතකර රසායනික ද්‍රව්‍ය අඩංගු වී තිබීමට හැකි ය.
ශ්‍රී ලංකාවේ අලෙවි වන මෙවැනි නිෂ්පාදන සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කලින් කලට නිවේදන නිකුත් කරනු ලබයි.
සැමට අහිතකර රසායනික ද්‍රව්‍ය ප්‍රමාණය හෝ නියමිත ප්‍රමිතිය ඉක්මවා රසායනික ද්‍රව්‍ය අඩංගු ආලේපන වර්ග ඒවා භාවිත කර යට කෙටි කාලීන මෙන් ම දීර්ඝ කාලීන බලපෑම් ද ඇති කරයි.
හඳුනාගත් හානිකර ආලේපන වර්ග මොනවා ද?
අන්තර්ජාතික නිර්ණායකය වන ISO/TR/17276 අනුව සකස් කරන ලද ශ්‍රී ලංකාවේ නීතියෙන් සම්මත කරන ලද ශ්‍රි ලංකා ප්‍රමිතී නියෝග SLS 743 අනුව ශරීර ආලේපනයක තිබිය හැකි උපරිම රසදිය (Mercury) ප්‍රමාණය කිලෝග්‍රෑමයට මිලිග්‍රෑම් එකක් (1mg/kg) විය යුතු ය.
නමුත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නිවේදනයේ දක්වා ඇති නිෂ්පාදනවල අඩංගු රසදිය ප්‍රමාණය ඉතා අධික ප්‍රමාණයක් වේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
Tags:
News