මේ දිනවල දේශපාලන වේදිකාවේ නම ගිය දේශපාලන චරිත රැසක් විවිධ චෝදනා මතඑහෙමත් නැත්නම් ඔවුන්ගේ පාලන කාලය තුළ සිදු කෙරූ වංචාමය සිදුවීම් නිසා සිරගත කිරීමට ලක්වුණා. නව රජය බලයට පත්වීමත් සමඟම දූෂණවලින් තොර රටක් නිර්මාණය කළ යුතු යැයි තේමාව කරගත් නිසා තරාතිරම නොබලා ඔවුන් නීතිය ක්‍රියාත්මක කිරීමට සූදානම් බවත් සඳහන්.
නුදුරු අනාගතයේදීම මැති ඇමතිවරු රැසකට නඩු පැවරීමට නියමිත බවත් ඒ අතරින් නාමල් රාජපක්ෂද දරුණු චෝදනාවකට සිරගත වීමට නියමිත බව ආරංචි මාර්ග සඳහන් කරයි. ඔහුට එල්ල වී ඇති චෝදනාව වනුයේ රග්බි ක්‍රීඩාවේ ප්‍රවර්ධනයට යනුවෙන් ඉන්දීය ක්‍රිෂ් සමාගමෙන් රුපියල් මිලියන 70ක මුදලක් ලබාගෙන සාපරාදී විශ්වාසය කඩ කළ චෝදනාවයි.
මේ වෙනුවෙන් ඔහුට විරුද්ධව කොළඹ මහාධිකරණයේ නඩුවක් පවරා ඇති අතර ජුනි 27 මෙම නඩුව යළි කැඳවීමට නියමිතයි.
උපුටාගැනීම – ගගන
Tags:
News
