ජීවත්ව සිටියා නම් හෙටත් ඔහුගේ දෑතින් ඒ පින සිදුකරගන්නට තිබුණා... මිනිසත්කමේ ගුණ සුවඳ ඉතුරු කරමින් නොසිතූ මොහොතක නික්ම ගිය වෛද්‍යවරයෙකු ගැන ඇසෙන ඒ සංවේදී කතාව මෙන්න..

 


ආර්ථික අපහසුතාවලින් පෙළෙන දුගී දුප්පත් අක්ෂි රෝගීන් වෙනුවෙන් ඔහු ඇපකැපවී සේවය කළ වෛද්‍යවරයෙක් වුණා.. 

ඒත් අද ඔහු ගැන ඇසෙන්නේ ඉතාමත් කණගාටුදායක පුවතක්.. මිනිසත්කමේ ගුණ සුවද ඉතිරි කරමින් නික්ම ගිය වෛද්‍යවරයෙකු ගැනයි මේ අනුවේදනීය කතාව ඇසෙන්නේ.. ඔහු නමින් දුමින්ද සමන් කුමාර..

වතුපිටිවල මූලික රෝහලේ විශේෂඥ අක්ෂි ශල්‍ය වෛද්‍යවරයා වශයෙන් හෙතෙම බොහෝ කලක් සේවය කළා.. මෙම විශේෂඥ වෛද්‍යවරයාට හදිසියේ ඇතිවූ හෘදයාබාදයක් මත කොළඹ පෞද්ගලිත රෝහලට ඔහු ඇතුළත් කර ඒ සදහා බයිපාස් සැත්කමක් සිදු කිරීමට සූදානම් කර තිබියදී, සිදුව ඇත්තේ තවත් නොසිතූ සිදුවීමක්.. එම රෝහලේදී ඔහුගේ පිත්තාශය පිපිරී ඔහු මෙසේ හදිසියේ මියගොස් තිබෙනවා..

වතුපිටිවල රෝහලේ වෛද්‍ය අධිකාරී නයනජිත් බණ්ඩාර විසින් මේ බව වැඩිදුරටත් පැවසුවා.. කොරතොට පාර, කඩුවෙල පදිංචිව සිට ඇති විශේෂඥ වෛද්‍ය දුමින්ද සමන් කුමාර මහතා මියයනවිට 49 වැනි වියෙහි පසුවුණා.. එසේම ඔහු දෙදරු පියෙක්..

රෝහලේ අක්ෂි වාට්ටුවේ හෙදි කාර්ය මණ්ඩලය සංවේගයෙන් යුතුව පැවසුවේ,ආර්ථික අපහසුතාවලින් පෙළෙන දුගී දුප්පත් අක්ෂි රෝගීන් පනස් දෙනකුට අක්ෂිකාච බද්ධ කිරීමේ ශල්‍යකර්ම 50ක් මෙම 13 වැනි දින වතුපිටිවල රෝහලේදී සිදු කිරීමට විශේෂඥ වෛද්‍ය දුමින්ද සමන් කුමාර, සැලසුම් කර තිබියදී ඔහු මෙසේ මියගිය බවයි.. 

✅✅✅✅✅

Post a Comment

Previous Post Next Post