ඉන්දිය අගමැති හදිස්සියේම ඉරාන ජනපති සමග සාකච්ඡා කල දේවල් මෙන්න

 


ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ ඉරානයට එල්ල වූ අමෙරිකානු ප්‍රහාරයෙන් පසුව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසින් ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් සමඟ අද (22) දින දුරකථයෙන් ඒ පිළිබඳව සාකච්ඡා කර ඇති බවයි.

ඒ අනුව අඳාළ ඇමතුම අතරතුර ඊශ්‍රායල-ඉරාන යුද ගැටුම් දසවන දිනට පිවිසීමත් සමඟ මැද පෙරදිග කළාපයේ ආතතීන් ඉහළ යන බව සාකච්ඡා කර තිබෙනවා.

එසේම මෙම තත්ත්වය උග්‍රවීම මැඩපැවැත්වීමට සංවාදය සහ රාජ්‍ය තාන්ත්‍රිකභාවය අවශ්‍ය බවද පවසා ඇත.

මේ අතර ඉන්දීය අගමැති නරේන්ද්‍ර මහතා මේ පිළිබඳව තම X ගිණුමේහි ද සටහනක් තබමින් කියා ඇත්තේ,

“ඉරාන ජනාධිපති පෙසෙෂ්කියන් සමඟ කතා කළා. වත්මන් තත්ත්වය පිළිබඳව අපි විස්තරාත්මකව සාකච්ඡා කළා. මෑත කාලීනව ඇති වූ ගැටුම් පිළිබඳව දැඩි කණගාටුව පළ කළා. කලාපීය සාමය, ආරක්ෂාව සහ ස්ථාවරත්වය ඉක්මනින් යථා තත්ත්වයට පත් කිරීම සඳහා ඉදිරි මාර්ගය ලෙස, වහාම ගැටුම් අවම කිරීම, සංවාදය සහ රාජ්‍ය තාන්ත්‍රිකභාවය යොමු වන ලෙසට අපගේ ඉල්ලීම යළි අවධාරණය කළෙමු.” යනුවෙන්.

එහිදී ඉරාන ජනාධිපති පෙසෙෂ්කියන් අගමැති මෝදීගේ ඉල්ලීමට ස්තූතියද පළ කළ බව සඳහන්.

එසේම එහිදී ඉන්දියාව, කලාපීය සාමය, ආරක්ෂාව සහ ස්ථාවරත්වය ප්‍රවර්ධනය කිරීමේ මිතුරෙකු සහ හවුල්කරුවෙකු වන බවද පවසා ඇති බව වාර්තා වෙයි.

උපුටාගැනීම: ගගන

✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post