එල්ටීටීඊ (LTTE) සංවිධානයට එරෙහි යුද්ධයේ අමතක කළ නොහැකි වීරයකු වූ ජාතික ආරක්ෂාව සම්බන්ධ විශේෂඥ හා උපදේශකයකු වූ දිවංගත ආචාර්ය අමිත් මුනින්ද්‍රදාස මහතාගේ 14 වන සංවත්සරය අදයි. මියයන විට 41 හැවිරිදි වූ ඔහු එල්ටීටීඊ විරෝධී යුද්ධයට එරෙහි සාර්ථකත්වයේ දම්වැලේ ප්‍රධාන පුරුකකි.
ආචාර්ය මුනීන්ද්‍රදාස නිසැකවම ඒකාකෘති ගත කළ හැකි පුද්ගලයෙක් නොවීය. ඔහු ප්‍රායෝගික ඉංජිනේරුවෙකි; පුදුමාකාර න්‍යායාවාදියෙකි;.දක්ෂ කාර්මික ශිල්පියෙකි; වනජීවී ක්‍රියාකාරී පුද්ගලයෙකි; නොමසුරු ධානපතියෙකි; විකේන්ද්‍රික නව නිපැයුම්කරුවෙකි; හොඳින් කියවන විද්‍යාඥයෙකි; උද්යෝගිමත් ඡායාරූප ශිල්පීයෙකි ; විශිෂ්ට කෑම පිසින්නෙකි ; නිර්මාණාත්මක ගුරුවරයෙකි; යුතුකම් සහිත පවුලේ මිනිසසෙකි; නිහතමානී ආත්මයකි සහ සැබවින්ම ස්වාධීන පුද්ගලයෙකි; රටට ඇවැසි මොහොතකදී මියගිය ජාතික වීරයෙකි.
ශ්‍රී ලංකාවට ගුවන් ප්‍රවාහනයේදී අබිරහස් ලෙස හානියට පත්වූ අළුතින් අත්පත් කරගත් මල්ටි බැරල් රොකට් ලෝන්චර් (MBRL) අළුත්වැඩියා කිරීම සම්බන්ධයෙන් ඔහු ප්‍රසිද්ධියක් උසුලයි. එලෙස හානියට පත්වූ යුද උපකරණ නිසි වේලාවට අලුත්වැඩියා නොකළේ නම් නිසැකවම 2000 වසරේදී යාපනය ත්‍රස්තවාදී අතට හසු වන බව නොඅනුමානය.
මල්ටිබැරල් අවිය ලංකාවේ ගොඩ බාන විට යකඩ ගොඩක් විය . යකඩ ගොඩට යලි පණ දීමට නම්, එක්කෝ නව සෙන්ටර් කමාන්ඩ් යුනිට් එකක් සවිකළ යුතු විය (එය නව අවියක් මිලට ගන්නවා හා සමාන වියදමක් විය) නැතිනම් කොටස් විසන්ධි කිරීමෙන් අකර්මන්‍ය වූ පරිපථය යලි පිලිසකර කළ යුතු විය. ජාතියේ පිනට විශ්ව කර්මයෙකු මෙහි විය. ඔහු නමින් ආචාර්ය අමිත් මුනීන්ද්‍රදාස නම් විය. හේ මොරටුව විශ්ව විද්‍යාලයේ උපාධිධාරියෙකි, එහිම ආචාර්ය වරයෙකු ද විය. රජයේ හමුදාවන්ට අවි අයුධ මිලදීගැනීමේදී තාක්ෂනික උපදෙස් සැපයීම සම්බන්ධ බලධාරියා ද විය.
අකර්මන්‍ය වූ මල්ටිබැරල් අවිය අමිත් මුනින්ද්‍රදාස විසින් යථා තත්වයට පත්කෙළේය. ඔහු ඒ සඳහා දින 6 ක් තිස්සේ දිවා රෑ නිදි නොලබා වෙහෙසුනේය. මොහොතක් පමා නොවූ ජානක පෙරේරා යලි පණ දුන් මල්ටි බැරල් අවිය ඉදිරි ආරක්ෂක වළල්ල වෙත රැගෙන ගියේය. කොටින්ගේ නොනවතින රැල්ල නැවතුනේ ඉන්පසුවය. අමිත් මුනීන්ද්‍රදාස නොවන්නට අප මේ කියවන ඉතිහාසය මීට වෙනස් වනු නියතය.
කොළඹ රාජකීය විද්‍යාලයේ කීර්තිමත් ආදිශිෂ්‍යයකු වූ ඔහු මොරටුව විශ්ව විද්‍යාලයෙන් පළමු පන්තියේ විද්‍යාවේදී ඉංජිනේරු උපාධිය ලබා ගත් අතර ලිවර්පූල් වෙතින් අර්ධ සන්නායක (semi- conductors) පිළිබඳ ආචාර්ය උපාධිය ලබා ගත්තේය. මෙම දක්ෂතා නිසාම මොරටුව විශ්ව විද්‍යාලයේ ඉලෙක්ට්‍රොනික හා විදුලි සංදේශ ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ විවිධ තනතුරු වල සේවය කරමින් සිටියදී, ඔහු 2003-2006 දක්වා එහි දෙපාර්තමේන්තු ප්‍රධානියා බවටද පත්විය.
මෙකාට්‍රොකින්ක්ස් අංශයේ ප්‍රබලයෙක් වූ ඔහු බහු-අදියර-අක්ෂීය-ප්‍රවාහ-ස්ථිර-චුම්බක මෝටරයක් භාවිතා කරමින් කාර්යක්ෂම ඉලෙක්ට්‍රොනික් මෝටර් රථයක් නිර්මාණය කළ අතර එය ක්‍රියාත්මක කිරීම සඳහා වඩාත්ම කාර්යක්ෂම විසඳුම වූ පස්-අදියර මෝටරයක ගණිතමය ආකෘතියක් හඳුන්වා දුන්නේය. ක්වොන්ටම් ඉලෙක්ට්‍රොනික් පිළිබඳ ඔහුගේ විශේෂඥතාව ඉහළ කාර්යක්ෂම-සුදු-ආලෝක විමෝචක ඩයෝඩ (W-LED) පිළිබඳ සාර්ථක පර්යේෂණ දක්වා ව්‍යාප්ත විය. අධි වෝල්ටීයතා උත්පාදක යන්ත්‍ර නිපදවීමට ඔහු සිසුන්ට මඟ පෙන්වූ අතර ශ්‍රී ලංකාවට නැනෝ තාක්‍ෂණය හඳුන්වා දීමට පුරෝගාමී විය.
බැලස්ටික් අවි හා පුපුරණ ද්‍රව්‍ය විශේෂඥයකු ලෙස ඔහු දුරස්ථ ක්ලේමෝ බෝම්බ බොහෝමයක් නිර්මාණය කළ අතර එය LTTE ත්‍රස්තවාදීන් ස්ථිරවම තුරන් කිරීමට උපකාරී විය. තමිල් සෙල්වම් දඩයම් කිරීමට හා ලුහුබැඳීමට ඔහු දුන් සහාය අමිල වේ. ඔහුගේ අදහසට අනුව LTTE යට එරෙහි ජයග්‍රහණයෙන් 50%, වූයේ තමිල් සෙල්වම් අල්ලාගැනීමයි. කනගාටුවට කරුණක් නම් ආචාර්ය අමිත් මුනීන්ද්‍රදාසයන් 2007 මෙලොව හැරයාමයි. එහෙත් ඔහුගේ දඩයම් කිරීමේ න්‍යාය දිගටම ක්‍රියාත්මක විය.
වනජීවීන් සම්බන්ධව දැඩි උද්යෝගයක් සහ සොබාදහමට ආදරය කළ ආචාර්ය මුනීන්ද්‍රදාස විසින් ශ්‍රී ලංකාවට ආවේණික “ලංකාකෝර්නුබත්‍රාචස්” නම් ගෙම්බන් විශේෂයක් පවා සොයාගෙන ඇත. සොබාදහම සහ විශේෂයෙන් සර්පයන් ගැන බොහෝ දැනුමක් ඔහුට වීය. පොදු රළු පැත්තේ සර්ප විශේෂයක් වන (දලව මැඩිල්ලා) නකල්ස් රක්ශිතයෙන් සොයාගැනීමටත් ඔහු මූලික විය.
ලෑන්ඩ් රෝවර් වාහන ඇලුම් කැල අයෙකු වූ ඔහු වරෙක මාරාන්තික අනතුරකින් ද බේරුණි. අන්තර්ජාතික වැඩමුළුවකට සහභාගී වීම සඳහා ඊශ්‍රායලයේ ටෙල් අවිව් නගරයට වෙත ආරක්ෂක දූත පිරිසක් ලෙස ඊශ්‍රායලයට ගිය අවස්ථාවේදී ආචාර්ය අමිත් මුනීන්ද්‍රදාස මහතා මිය ගියේය. වෛද්‍ය අමිත් මුනීන්ද්‍රදාස මහතාට මුළු ජීවිතේම සෙම්ප්‍රතිශ්‍යාවට වඩා අසනීපයක් නොවූ අතර ඔහුගේ මරණය නිව්මෝනියාව සැදී සිදුවිය. එනිසා මෙම මරණයට හේතුව දැඩි සේ මතභේදාත්මක වූ බව නොරහසකි.
“සර් අයිසැක් නිව්ටන්ට වඩා අමිත් මුනීන්ද්‍රදාසයන්ට අප කැමති වන්නේ ඔහු තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වූ නිසාය. යාන්ත්‍ර විද්‍යාව, ගණිතය, තාප ගති විද්‍යාව හා දෘෂ්ටි විද්‍යාව සඳහා ඔහු දැක්වූ දායකත්වය අතිමහත්ය.”
මාරී – Production
✅✅✅
