කළුබෝවිල වෙඩි තැබීමක්

 


කොහු වල පොලිස් වසමේ කළුබෝවිල පන්සල පාරේ පිහිටි නිවසකට යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩි තැබීමක් සිදුකර පලාගොස් තිබේ.

අද (15) අලුයම් කාලයේදී එම වෙඩි තැබීම සිදු කර ඇති බව පොලීසිය පවසයි.

සැකකරුවන් විසින් නිවසේ ගේට්ටුවට හා නිවස දෙසට වෙඩි තබා ඇති බව වාර්තා වෙයි.

වෙඩි තැබීමෙන් ජීවිත හානි හෝ තුවාල කිසිවක් සිදුව නොමැති බව පොලීසිය පවසයි.

මුදල් ආරවුලක් මත මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශන අනුව තෙලීසිය සැක කරනු ලබයි.

ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය හා කොහුවල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Post a Comment

Previous Post Next Post