හෝමාගම රෝහලේ කලහ කළ රංගන ශිල්පියෙක් අත්අඩංගුවට

 


රෝගියකු බැලීමට අවසර නොදුන්නැයි උරණ වී හෝමාගම මූලික රෝහලේ ආරක්ෂක නිලධාරියකුට පහර දුන් බව කියන ප්‍රසිද්ධ රංගන ශිල්පියකු අත්අඩංගුවට ගත් බව හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි. 

අත්අඩංගුවට ගෙන ඇත්තේ හෝමාගම පදිංචි ජනප්‍රිය ටෙලිනාට්‍ය රංගන ශිල්පියකු බවත් හෙතෙම සිය මිතුරන් සිවුදෙනකු ද සමග සිය මව බැලීම සඳහා හෝමාගම මූලික රෝහලට ගොස් ඇති බවත් රෝගියා බැලීමට එක් අවසර පත්‍රයක් පමණක් දී තිබුණු බැවින් ඉන් දෙදෙනකුට පමණක් යා හැකි බව දන්වා අනෙක් ද

දෙනාට ඇතුළුවීමට ආරක්ෂක නිලධාරියා අවසර නොදීමෙන් ගැටුම හටගෙන ඇති බවත් පොලිසිය පවසයි.

එහිදී ආරක්ෂක නිලධාරියා සමග හටගත් බහින්බස්වීම දුරදිග ගොස් රංගන ශිල්පියා ආරක්ෂක නිලධාරියාට පහර දී ඇති බවත් ඒ සම්බන්ධයෙන් පැමිණිල්ලක් ද ලැබී ඇති බවත් පොලිසිය පවසයි.ආරක්ෂක නිලධාරියා රෝහල් මූලික ප්‍රතිකාර ඒකකයෙන් ප්‍රතිකාර ලබාගෙන ඇති අතර රංගන ශිල්පියා අත්අඩංගුවට ගත් බවද හෝමාගම පොලිසිය කීය. මේ සම්බන්ධයෙන් සමථයකට පත්වීමට දෙපාර්ශ්වය එකග වූයෙන් රංගන ශිල්පියා නිදහස් කිරීමට පොලිසිය පියවර ගෙන ඇති අතර ආරක්ෂක නිලධාරියාගේ තත්වය සාමාන්‍ය බව ද පොලිසිය කියයි. හෝමාගම මූලස්ථාන පොලිස් පරීක්ෂක ප්‍රණීත් මනවඩු මහතාගේ උපදෙස් මත විමර්ශන පැවැත්විණි. 


✅✅✅✅✅✅

Post a Comment

Previous Post Next Post