වාර්තා පොත් අතරට ගිය ශුබ්මන් ගිල්

 


සංචාරක ඉන්දියාව හා එංගලන්තය අතර තරග 5කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ලීඩ්ස්හිදී අද (20) ආරම්භ විය.

මෙම තරගයේදී ඉන්දීය කණ්ඩායම ශුබ්මන් ගිල් විසින් මෙහෙයවන අතර, ඔහු ටෙස්ට් නායකත්වයට පත්කිරිමෙන් පසු ක්‍රීඩාකරන පළමු තරගය මෙයයි.

ඒ අනුව ඉන්දීය ටෙස්ට් කණ්ඩායමක් මෙහෙය වූ 5වන ළාබාලම නායකයා ලෙස ඔහු ඉන්දීය වාර්තා අතරට එක්විය.

අද තරගයට නායකත්වය ලබාදෙන විට ඔහුට අවුරුදු 25යි දින 285ක් විය.

ඉන්දීය ටෙස්ට් කණ්ඩායමක් මෙහෙය වූ ළාබාලම නයකයා මන්සූර් අලි ඛාන් වන අතර, ඔහු ඉන්දීය කණ්ඩායමට නායකත්වය දෙනවිට අවුරුදු 21යි දින 77ක් විය.

මන්සූර් 1961 - 1975 කාල වකවානුවේ ඉන්දීය කණ්ඩායම නියෝජනය කර තිබේ.

ඉන්දීය දෙවන ළාබාලම ටෙස්ට් නායකයා සුපිරි පිතිකරු සචිත් තෙන්ඩුල්කාර් වන අතර, ඔහු ඉන්දීය කණ්ඩායම මෙහෙයවන විට අවුරුදු 23යි දින 169ක් විය.

එහි තෙවන ස්ථානයේ කපිල් දේව් පසුවන්නේ අවුරුදු 24යි දින 48කදී නායකත්වයට පත්වෙමින්ය.

ඉන්දීය නිත්‍ය ටෙස්ට් නායක ලෙස කටයුතු කළ රෝහිත් ශර්මා ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමුගැනීමෙන් පසු, ශුම්බන් ගිල්ට නායකත්වය හිමිවිය.

✅✅✅

Post a Comment

Previous Post Next Post