හිටපු ඇමති දයා ගමගේට අයත් කෝටි ගානක දේපල වෙන්දේසි කරන්න කොළඹ මහාධිකරණය තීන්දු කරයි

 


හිටපු රාජ්‍ය අමාත්‍ය දයා ගමගේ මහතාට අයත් බව කියන ආයතන තුනක් ජූලි 2 දා උදෑසන 10 ට ප්‍රසිද්ධියේ වෙන්දේසි කිරීමට කොළඹ වාණිජ මහාධිකරණය තීන්දු කර තිබේ. කොළඹ වාණිජ මහාධිකරණයේ රෙජිස්ට්‍රාර්, නියෝජ්‍ය පිස්කල් විසින් පුවත්පත්වල ප්‍රසිද්ධ දැන්වීමක් පළ කරමින් මෙලෙස දැනුම් දී ඇත.

පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගමට අයවිය යුතු දස කෝටි හතළිස් දෙලක්ෂ විසිනව දහස් තුන්සිය හතළිස් දෙකක (104,229,342) මුදලක් අයකර ගැනීමේ අරමුණෙන් මෙලෙස ප්‍රසිද්ධ වෙන්දේසි කිරීමකට තීන්දු කර තිබේ. පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගමට අය විය යුතු දසකෝටි අසූතුන් ලක්ෂ නවදහස් තුන්සිය හතළිස් දෙකක (108,309,342) මුදලින් රුපියල් හතළිස් ලක්ෂ අසූදාහක (4,080,000) පමණ මුදලක් වගඋත්තරකරුවන් විසින් ගෙවා ඇති නිසා ඉතිරිය අය කරගැනීමේ අරමුණින් මෙලෙස වෙන්දේසි කරන බව දැනුම් දී තිබේ.

දයා ගෲප් ලිමිටඩ්, දයා ඇපරල් එක්ස්පෝටර් (ප්‍රයිවට්) ලිමිටඩ්, ඔලිම්පස් කන්ස්ට්‍රක්ෂන් ප්‍රයිවට් ලිමිටඩ් යන ආයතන මෙලෙස වෙන්දේසි කිරීමට නියමිතව ඇතැයි එම ප්‍රසිද්ධ දැන්වීමේ පළ කර තිබේ.


✅✅✅✅

Post a Comment

Previous Post Next Post