සැමියාගේ වෙඩි පහරින් බිරිඳ මරුට

 


මැදගම පොලිස් වසමේ බලගස් ආර මාර්ගය ආසන්නයේ දී ඊයේ (14) පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

වෙඩි වැදීමෙන් තුවාල ලබූ කාන්තාවක් රෝහල් ගත කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත් වූ බවයි පොලිසිය සඳහන් කළේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 38 ක මකැන්දවින්න, මැදගම ප්‍රදේශයේ පදිංචිකාරිනියක්.

කාන්තාව සහ ඇයගේ ස්වාමි පුරුෂයා අතර ඇති වූ පවුල් ආරවුලක් දුරදිග යාම හේතුවෙන් පුරුෂයා විසින් මෙරට නිෂ්පාදිත ගිනි අවියකින් ටෙඩි තබා මෙම ඝාතනය සිදුකර ඇති බවයි වාර්තා වුණේ.

මෘත ශරීරය මැදගම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර ඝාතනයෙන් පසු සැකකරු ප්‍රදේශයෙන් පලා ගොස් තිබෙනවා.

සැකකාර සැමියා අත්අඩංගුවට ගැනීම සඳහා මැදගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

✅✅✅✅

Post a Comment

Previous Post Next Post