” ජනාධිපතිතුමා හිනාවෙලා කිව්වා, “නෑ, කමක් නෑ, මේ ඉන්නෙ මගේ අය” කියලා.. ඒ මොහොත මට හරිම ආඩම්බරයක් දැනුනා.” සමාජ මාධ්‍ය කැළඹූ ගුවන් සේවිකාවකගේ සටහන..

 


යාලුවනේ..!! මට අපේ ජනාධිපතිතුමාව මුණගැහුණා ♥️

මම ලංකාවට, මගෙ මවු රටට යන ගමන් අපේ ජනාධිපතිතුමාව මුණගැහෙන්න ලැබුනා.
මම හිටියෙ දෝහා ඉඳන් කොළඹ යන ගුවන් යානයයේ වැඩ කරන ගමං.
ඇත්තටම ඔහු කරුණාවන්ත සහ නිහතමානි කෙනෙක්. මට හිතුනෙවත් නෑ මේ මම කතා කරන්නෙ අපේ රටේ ජනාධිපති එක්ක කියලා..

මම සහ මගේ මිතුරිය ඉමාරාත් එක්ක ගිහින් එතුමා එක්ක ෆොටෝ එකක් ගන්න බැලුවත් සුව නින්දක හිටපු නිසා කරදර කළේ නැහැ..

ටික වෙලාවකින් ඔහු ඇහැරලා washroom ගිහින් refresh වෙලා එනකන් අපි එළියට වෙලා බලාගෙන හිටියා.
ඔහු අප සමඟ ඡායාරූපයක් ගන්න කැමති වුණා, ඊටත් වඩා එතුමා අපිත් එක්ක විනාඩි 15කට වඩා හිටගෙනම කතා කර කර හිටියා.

එතුමා කොයි තරම් කරුණාවන්තද කියනවනං අපි මේ කතා කරන්නෙ ජනාධිපති තුමා එක්ක නේද කියන එක අමතක උනා..

විනාඩි පහකට විතර පස්සේ, අපේ සුපවයිසර් අපි එයාට කරදර කරනවද කියලා බලන්න ආවා.
ඒත් ජනාධිපතිතුමා හිනාවෙලා කිව්වා, “නෑ, කමක් නෑ, මේ ඉන්නෙ මගේ අය” කියලා🥺

ඒ මොහොත මට හරිම ආඩම්බරයක් දැනුනා. මම වැඩ කරන ගුවන් යානයකම යන අපේ රටේ ජනාධිපති තුමා මුණ ගැහිලා කතා කරන්න පුළුවං උන එකම හරි හාග්‍යයක්. ♥️

Cheka Weerakoon නම් ගුවන් සේවිකාවක් ජනාධිපතිවරයා පිළිබද තැබූ සටහනක්.

Copied .

✅✅✅✅

Post a Comment

Previous Post Next Post