අයෙකුට ලබා දෙන ආහාරවේල ගැන බොහෝ විට සැලකිලිමත් විය යුතුයි.
ඒ විතරක් නෙවෙයි, සමහර අවස්ථා වලදී සිදුවන නොසැලකිලිමත් ක්‍රියා නිසා මෙවැනි පුවත් අහන්නට දකින්නට ලැබෙන එක කණගාටුදායක පුවතක්.
මාවනැල්ල මූලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගියකුට රෝහලේ ආපන ශාලාවෙන් මිලදී ගත් බත් පාර්සලයේ ගොළුබෙල්ලෙක් සිටි බවට වාර්තා වෙනවා
නේවාසිකව ප්‍රතිකාර ලබන සොහොයුරිය බැලීමට ගිය කාන්තාවකට මෙම ගොළුබෙල්ලකු සහිත බත් පාර්සලය හමුව ඇති අතර, ඇය ඊයේ උදෑසන රෝහලේ ආපන ශාලවෙන් බත් පාර්සලයක්ද රැගෙන සොහොයුරිය බැලීමට ගොස් කොහොයුරියට බත් කටවල් තුනක් පමණ ආහාරයට ගන්නා විට එක්වරම අතට නුහුරු දෙයක් දැනුන බැවින් විමසිල්ලෙන් බලන විට කටුවත් සමග මියගිය ගොළුබෙල්ලෙක් හමුවු බවත් තමන්ට වමනය පවා ගිය බවත් ඇය පැවැසුවා..
කෙසේ හෝ මීට පෙර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් ආපන ශාලාවේ හිමිකරුට තදින් අවවාද කර උපදෙස් ලබා දුන්නද ඉන් කිසිදු ප්‍රතිඵලයක් නොමැති බවද පැවසුවා.
✅✅✅✅✅