ජනප්‍රිය නිළියකගේ නිසල සිරුර දවස් ගානකට පසු නිවසින් හමුවෙයි

 


නිහඬවම නිකම ගිය තාරුකාවක් ගැන හද රිදවන දුක්බර පුවතක් තමයි මේ කියන්න හදන්නේ…

පකිස්ථානයේ ජනප්‍රිය නිලි අයේෂා ඛාන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මිය යන විට ඇය 76 හැවිරිදි වියේ පසු වූ බවයි වාර්තා වන්නේ.

ඇයගේ දේහය දින කිහිපයකට පසු ඇය පදිංචිව සිටි නිවස තුළ තිබී සොයා ගෙන තිබෙනවා. නිවස ආසන්නයෙහි දැඩි දුර්ගන්ධයක් පවතින බවට අසල්වැසියෙක් පොලිසියට කළ පැමිණිල්ලකට අනුව පොලිසිය සිදු කළ විමර්ශනයේ දී අයේෂාගේ දේහය සොයා ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

වැඩිදුරටත් අදහස් දක්වමින් පොලිසිය සඳහන් කළේ, අයෂා ඛාන්ගේ මරණය සිදුව ඇත්තේ දින කිහිපයකට පෙර අතර මරණයේ නිවැරදි වේලාව සහ හේතුව පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසුව පමණක් තහවුරු කළ හැකි බවයි.

1948 නොවැම්බර් 22 දින උපත ලැබූ අයෂා ඛාන්, පැකිස්තානු රූපවාහිනියේ වාසනාවන්ත යුගයකදී කලාංගනයට පිවිසෙමින් දැඩි ජනප්‍රියත්වයට පත්විය.

ඇය රඟපෑ නාට්‍ය අතර Akhri Chattan’, ‘Tipu Sultan: The Tiger Lord’, ‘Dehleez’, ‘Daraarein’, ‘Bol Meri Machli’, සහ ‘Ek Aur Aasman’. වැනි නාට්‍ය වඩාත් ජනප්‍රිය වී තිබෙනවා.

එමෙන්ම ඇය “මස්කාන්”, “ෆාතිමා” යන චිත්‍රපටවලද රංගනයෙන් දැක්වූ අතර ඉන්දියාවේ ජනප්‍රිය “රාජු බන් ගයා ජෙන්ට්ල්මන්” චිත්‍රපටයටද දායක වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.



Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post