ඉරානයට ප්‍රබල භූමිකම්පාවක්

 


උතුරු ඉරානයේ රික්ටර් මාපක 5.1 භූමිකම්පාවක් සිදුව ඇති බව අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසයි.

එරට වේලාවෙන් ඊයේ (20) රාත්‍රියේ මෙය සිදුව ඇත.

ඉරාන මාධ්‍ය වාර්තාවන්ට අනුව සෙනාන් පළාතට කිලෝමීටර් 37 ක් (සැතපුම් 23) නිරිතදෙසින්, කිලෝමීටර් 10ක් (සැතපුම් 6) ගැඹුරේ මෙය සිදුව තිබේ.

මින් සිදුව ඇති හානිය පිළිබඳ විදෙස් වාර්තා සඳහන් කර නොමැති වුවත්, සෙම්නාන් පළාතේ සෝර්ක් නගරය අවට සෙලවී ඇති බව සඳහන්.

එමෙන්ම සෝර්කේ සිට කිලෝමීටර් 150ක් පමණ දුරින් පිහිටි ටෙහෙරාන් අගනුවරට ද මෙම කම්පනය දැනුණු බව ද එම වාර්තාවන්හි දැක්වේ.

✅✅✅✅

Post a Comment

Previous Post Next Post