ඉරානයේ උත්තරීතර නායකයා වන අල්කමෙනි ජාතිය ඇමතීමක් අද සිදු කලා. එහි සිංහල අනුවාදය මෙසේය.
" ඇමරිකා එක්සත් ජනපදය සිදු කරන ඕනෑම ප්‍රහාරයක්, බරපතල සහ නොපිරිය හැකි ප්‍රතිවිපාකයන්ට හේතු වනු ඇත. සියෝනවාදී රජය දැඩි වැරැද්දක් සිදු කර ඇත. එයට යුක්ති සහගත දඬුවමක් ලැබෙනු ඇත. ඉරාන ජාතියට එල්ල වන යුද්ධයක් වැනි බලපෑම් අප ජාතියේ ධෛර්යයෙන් නිෂේධන කිරීමට අපිට හැකියාව තිබෙනවා. එසේම බලෙන් යෝජනා කරන සාමයද අප ප්‍රතික්ෂේප කරනවා. අප වැනි ජාතියක් කිසිඳු පීඩනයකට යටත් නොවේ. ඉරාන ජාතිකයින්ට බිය දැක්වීමේ භාෂාවෙන් කථා කළ නොහැකි බව බුද්ධිමත් පුද්ගලයින්ට වටහා ගත යුතුය.
ඉරානයේ ඉතිහාසය සහ ජනතාව පිළිබඳව දැන සිටින අය, බිය සහ තර්ජන භාෂාවෙන් කථා කිරීමේ අවදානම වටහා ගනීවි. අපේ ජනතාව බලයෙන් කිසිඳු පාර්ශවයකින් පනවන ලද නියෝග වලට යටත්වන්නේ නැහැ. ඇමරිකානු බලධාරීන්ට වැටහිය යුතුය - ඔවුන් සිදු කරන ඕනෑම හමුදා ප්‍රවේශයක්, අවසන් නොවන හානියක් උදාවීම සඳහා හේතු වනු ඇති බව. ඔවුන් දැන ගත යුතුය - ඉරානය කිසිදා යටත් නොවෙන බව සහ ඕනිම ඇමරිකානු ප්‍රහාරයක් බරපතල ප්‍රති විපාක ඔවුන්ට ගෙන ඒම වෙනස් කල නොහැකි බව යුද්ධයට පිළිතුර යුද්ධයයි, බෝම්බ ප්‍රහාරයට පිළිතුර බෝම්බයයි, ප්‍රහාරයට පිළිතුර ප්‍රහාරයයි."
මේ අනුව ඉරාන ඊශ්‍රාලය යුද තත්වය ඉදිරියේදි තවදුරටත් වර්ධනය වීමට ඉඩ ඇති බව පෙනී යනවා.
එසේම රුසියාවද මේ වන විට ඇමරිකාවට ඉරානයට එරෙහිව ක්‍රියාකිරීමට එරෙහිව අදහස් ප්‍රකාශ කර තිබෙනවා.
✅✅✅✅✅
