දකුණු කොරියාවේ සුප්‍රසිද්ධ කේ පොප් සංගීත කණ්ඩායමක් වන BTS සංගීත කණ්ඩායමේ සාමාජිකයින් දෙදෙනෙක් සිය හමුදා පුහුණුව අවසන් කර තිබෙනවා. RM ලෙස අනුවර්ත නාමයෙන් හඳුන්වන කිම් නම් ජුන් සහ V යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන කිම් තේ හයුක් විසින් මෙලෙස හමුදා පුහුණුව අවසන් කෙරුණා. හමුදා පුහුණුව අවසන් කළ RM සහ V පිළිගැනීමට රසික රසිකාවියන් රැසක් එක්ව සිටියා.
ගෝලීය වශයෙන් ඉහළ පිළිගැනීමක් හිමි කරගත් BTS කණ්ඩායම මෙම හමුදා පුහුණුව හේතුවෙන් 2022 වසරේ සිට සියළු කණ්ඩායම් සාමාජිකයන් එක්ව හමුදා ප්‍රසංගයක් පවත්වා නැහැ.
සටහන් – කසුනි විජේසිංහ
උපුටාගැනීම: සිරිකත
Tags:
News

