රුසියාවට භූ කම්පනයක්..! මුහුදු රළ අඩි 13 ක් උසයි..! ජපානයටත් අනතුරු ඇගවීම්... උදෙන්ම ඇසෙන හද කම්පා වෙන පුවත මෙන්න


 රුසියාවේ නැගෙනහිර වෙරළ තීරයේ ඇති වූ භූමිකම්පනය හේතුවෙන් කම්වැටිකා අර්ධද්වීපට අඩි 13 ක් උස සුනාමිය රළ පැමිණි බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

රුසියාවේ නැගෙනහිර වෙරළ තීරය ආසන්නයේ රික්ටර් පරිමාණ ඒකක 8.8 ක් ප්‍රබල භූ කම්පනයක් අද (30) උදෑසන හට ගෙන තිබුණි.

USGS ට අනුව, රුසියාවේ පෙට්‍රො පවි ලොවිස්ක් කම්වැටිස්කි සිට සැතපුම් 85 ක් පමණ දුරින් භූමිකම්පාව කිලෝමීටර් 19ක් ගැඹුරට සිදු විය.

භූකම්පනයෙන් පසුව ජපානයේ වෙරළබඩ ප්‍රදේශ සඳහා ද සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කළ අතර, එරට කාලගුණ විද්‍යා ඒ ජන්සිය අනතුරු අඟවන්නේ මීටර 1 ක් දක්වා රළ ඇති විය හැකි බවය.

මීට අමතරව හවායි දූපත් සහ ඇලස්කාවේ ඇලුටියන් දූපත් වල කොටස් සඳහා සුනාමි අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කිරීමටද පියවර ගෙන ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා හි සඳහන් ව තිබේ.


✅✅✅✅✅✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post