අනතුරක් සිදුකර පලාගිය රංගන ශිල්පිනියක් අත්අඩංගුවට...


 ඉන්දීය රංගන ශිල්පිනී නන්දිනි කාශ්‍යප් ගුවහාටි පොලිසිය විසින් අද (30) අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ ඇය පැදවූ බව කියන මෝටර් රථයක ගැටීමෙන් 21 හැවිරිදි සිසුවෙක් මියයාමේ සිදුවීමට සම්බන්ධවයි.

පසුගිය 25 වැනිදා දින අලුයම 3.00ට පමණ ගුවහාටිහි දබිගාමින් ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව ඇත.

රංගන ශිල්පිනිය මෙම අනතුර සිදු කර පලා යන ආකාරය ඒ ආසන්නයේ තිබූ CCTV කැමරාවක ද සටහන්ව තිබුණි.

අනතුරෙන් පසු සිසුවා බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර ප්‍රතිකාර ලබමින් සිටිය දී ඔහු මෙසේ මිය ගොස් තිබේ.

මියගිය සිසුවාගේ පවුලේ ඥාතීන් සදහන් කළේ මෙම අනතුර හේතුවෙන් ඔහුගේ හිසට දරුණු ලෙස තුවාල සිදු වී ඇති බවත් ඔහුගේ කකුල් දෙකෙහිම අස්ථි බිඳීම් සිදු වී තිබූ බවත් ය.


✅✅✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post