හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කළ පස් හැවිරිදි පිරිමි දරුවෙකු මිය ගොස් තිබේ.
මිද්දෙණිය පොලිස් වසමේ පල්ලි ජුලම්පිටිය ප්‍රදේශයේ දී ඊයේ (07) දින මෙම සිදුවීම සිදුව තිබුණි.
අදාළ දරුවා පාපැදියක් පදිමින් සිටිය දී හදිසියේ සිහිසුන් වී ඇති අතර කඩිනමින් කටුවන ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබේ.
එහිදී වැඩිදුර ප්‍රතිකාර සඳහා ඔහුව වලස්මුල්ල මූලික රෝහලට මාරුකර යවා ඇති අතර, රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව දරුවා මියගොස් ඇත.
දරුවාගේ මිත්තණිය මෙලෙස අදහස් දැක්වීය.
"දරුවා බයිසිකලයේ වාඩිවෙලා හිටියේ. එයාට යන්න වුණේ නෑ... ඇදිලා ගියා ඉස්සරහට. මම උස්සලා ගන්න බැලුවා. බැරි වුණා. දුව ඇවිත් තමා උස්සලා ගත්තේ. එතකොට සිහිය නෑ."
✅✅✅✅
Redirecting in a moment...
Tags:
News
