කිරිපිටි භාවිතයෙහි අහිතකර තත්වයන් පිළිබඳව මුළු රටම මේ මොහොතේ කතාකරන කාරණයක්. කිරිපිටි පරිභෝජනය අපේ ජනජීවිතය හා බැඳී ඇති සාමාන්‍ය අංගයක් වී අවසන්. බොහෝ දෙනා උදෑසන අවදි වූ විට “බෙඩ් ටී” එකක් ලෙස කිරිපිටි වලින් සෑදූ කිරි කෝප්පයක් පානය කරනු ලබනවා. ඇතමෙක් මෙලෙස දිනකට කිරි කෝප්ප කිහිපයක් භාවිතා කරනු ලබනවා. මෙය අපේ සෞඛ්‍යයට ඉතාමත් අහිතකර තත්වයක් ලෙස වෛද්‍ය විද්‍යාත්මකව තහවුරු කරගෙන ඇති බව සමස්ත ලංකා එක්සත් වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයෙහි සභාපතිතුමන් වන වෛද්‍ය ගිශාන්ත දසනායක මහතා පවසනවා.
සාමාන්‍යයෙන් දියර කිරි වීදුරුවකින් ගතහැකි පෝෂණීය වටිනාකම එම මුදලට ලබාගත හැකි පෝෂණ තත්වයෙන් උසස් වෙනත් ආහාරයකට වඩා අල්පයි. කිරි දෙනෙකුගෙන් ලබා ගන්නා ලද කිරි 100ml ක් තුළ 88%ක ප්‍රතිශතයක් අඩංගු වන්නේ ජලයයි. ඉතිරි 12% ක ප්‍රතිශතය ප්‍රෝටීන්, කාබෝහයිඩ්‍රේට්, මේදය, විටමින්, ඛණිජ ලවණ ආදී පෝෂණීය සංඝටකයන් අතරේ බෙදී යනවා. මෙම දියර කිරි 100ml ක වීදුරුවක් තුළ ප්‍රෝටීන 3.5g ක් පමණ අඩංගු වන අතර විටමින් වර්ග ලෙස විටමින් A සහ විටමින් B2 අඩංගු වෙනවා. මෙවැනි කිරි වීදුරුවකින් ඔබේ ශරීරයට ලැබෙන්නේ කි.කැ.67 ක් තරම් ඉතා සුළු ශක්ති ප්‍රමාණයක් පමණයි.
මෙම දියර කිරි වලින් කිරිපිටි නිෂ්පාදනය කරනු ලබන්නේ විසිරුණු වියළන ක්‍රමය නම් තාක්ෂණික ක්‍රමය මඟින්. මෙම ක්‍රමයේ දී කිරිපිටි වල ඇති බොහෝමයක් පෝෂණීය සංඝටක කොටස් විනාශයට ලක්වීම සිදුවෙනවා. සාමාන්‍යයෙන් 55°C දී ප්‍රෝටීන් විනාශ වන බව අපි හැමෝම පාසලේදී ඉගෙන ගත්තු පාඩමක්. මෙහිදී ද මෙලෙස ප්‍රෝටීන ඇතුළු තවත් පෝෂ්‍ය පදාර්ථ බොහෝ ප්‍රමාණයක් විනාශයට ලක්වෙනවා.
සමහරක් කිරිපිටි නිෂ්පාදකයින් කිරිපිටි නිපදවීමට පෙර දියර කිරි අවස්ථාවේදීම එම කිරි වලින් ප්‍රෝටීන කොටස හා මේදය කොටස වෙන්කර ගනු ලබනවා. ( වෙන්කර ගන්නා ප්‍රෝටීන කොටසින් Supplement නිපදවන අතර වෙන්කර ගන්නා මේදය කොටසින් චීස්, බටර් ආදිය නිෂ්පාදනය කරනු ලබනවා.) මෙසේ දියර කිරි වලින් ප්‍රෝටීන කොටස වෙන්කිරීමට ඔවුන් යොදාගන්නේ “DCD හා මෙලමයින්” කියන අපේ සෞඛ්‍යයට දැඩිහානි පමුණුවන රාසයනික සංයෝගයන්. මෙලෙස දියර කිරි වලින් සොරාගන්නා ප්‍රෝටීන ප්‍රමාණය නිවැරදිව පෙන්වීමට N අඩංගු සංයෝගයකට ආදේශකයක් ලෙසත් මෙම මෙලමයින් යොදාගනු ලබනවා. මෙම මෙලමයින් නම් රසායනික සංයෝගය කිරිපිටි හරහා අපේ ශරීරයට ඇතුළු වූ පසු ආහාර ජීර්ණ පද්ධතිය මඟින් අපේ රුධිරයට උරාගනු ලබනවා.
මෙසේ උරාගන්නා මෙලමයින් අපේ ශරීරයෙන් පිටතට බැහැර වීමක් සිදුවන්නේ නැහැ. 90 දශකයේදී චීනයේ එක්තරා ප්‍රාන්තයක කුඩා දරු පැටවු හතලිස් ගණනක් පමණ වකුගඩු රෝගීන් වී මිය ගියේ ඔවුන්ට බීමට ලබා දී තිබූ කිරිපිටි වල මෙලෙස මෙලමයින් අඩංගු වී තිබූ නිසයි. පසුගිය කාලයේදී කිරිපිටි සමාගම් මඟින් අපේ රටට ගෙන්වූ කිරිපිටි වල ද මෙම DCD හා මෙලමයින් අඩංගු වී තිබෙන බව සොයාගත් පසු එයද රටේ විශාල ආන්දෝලනයක් ඇතිකළ මාතෘකවක් වූ බව දැන් සමහරවිට ඔබට මතක් වෙනවා ඇති.
ඉන්පසු අපේ රට තුළට ගෙන්වන කිරිපිටි වල DCD හා මෙලමයින් නම් රසායනිකයන් අඩංගුවේදැයි සොයාබලන පර්‍යේෂණයන් සිදුකරනු ලැබෙනවා. මෙම සමාගම් විසින් මෙහි හිඟවූ ප්‍රෝටීන් වලට ආදේශකයන් ලෙස ඌරු තෙල් ආදී සත්ව මේදයත් හිඟවූ මේද ප්‍රමාණයට ආදේශකයක් ලෙස ෆාම් තෙල් ආදී ශාකමය තෙල් වර්ගත් යොදාගනු ලබනවා. මෙලෙස බාහිරයෙන් එකතු කරන ලද පෝෂණ පදාර්ථයන් පෝෂණ විද්‍යාවේදී අඩල්ටරේෂන් (Aduleration) නමින් හඳුන්වන වැරදි පෝෂණ ප්‍රතිපත්තියක් ලෙස හඳුන්වා දෙනු ලැබුවත් අපරටට ආනයනය කරන කිරිපිටි තුළ මෙලෙස කෘතිම ආදේශකයන් අඩංගුදැයි සොයා බලන විධිමත් පර්‍යේෂණයන් තවමත් සිදුවන්නේ නැහැ.
මෙම කිරිපිටි සමාගම් තම අලෙවිය වැඩිකර ගැනීමට කිරිපිටි වල නොමැති ගුණාංගයන් පවා හුවා දක්වමින් අහිංසක ජනතාව මුලා කරමින් තම කූට වෙළඳ උපක්‍රමයන් සෑමවිටම දියත්කරනු ලබන අතර මේ ඔවුන් පවසන දේ හා එහි සැබෑ තත්වයන් සංසන්දනාත්මකව සොයා බැලීමක්.
(උපුටාගැනීම - අන්තර්ජාලයේ පළවූ ලිපියක් ඇසුරෙනි)
✅✅✅✅✅✅✅