මුළු ජිවිත කාලේම අපි කැමති දේවල් කරන්න,අහන්න ,දකින්න ගොඩක් ආසයි.
ජිවිතයේ අවසාන මොහොතේ දී තමන් ආස ගායකයා දැක දැක ගීතයක් අහන්න ලැබෙනවනම් කොයි තරම් සතුටක්ද?
ඒ විදියට ජීවිතයත් මරණයත් අතර සටනක සිටින ඇයටත් තමන් ආසම ගීතයක් අහන්න අවස්ථාවක් හිමිවුණා.
ඒත් මේ වෙන කොට ඇය ඉන්නේ ජීවිතයත් මරණයත් අතර සටනක.
මේ ඒ පිළිබදව ඔහු තැබූ සංවේදී සටහන…
“සඳලතා පායලා….”
ඇයට දැන් ගොඩාක් අසාධ්යයි.
අපි ඉක්මන් නීරෝගි සුවය පතමු.
මනුසත් බව ලැබූ..මනුෂ්යත්වය හඳුණනමනුෂ්යයන් විඳිහට . කෙනෙකුගේ හදවත සියුම්ව ස්පර්ශ කරමින් ..මොහොතකට හෝසතුටක්..සැනසුමක්..සහනයක් වෙන්න පුළුවන් නම් ඒක මොන තරම් භාග්යයක්ද..පිනක්ද..එවැනි අවස්ථා මගේ ජීවිත ගමන් මගේදි නිතරම හමුවෙනවා..27වන ඉරිදා එවන් දිනයක් .(2025.07.27). රාත්රියේ මහරගම පිළිකා රොහල් පරිශ්රයේ පැවැති සංගීත ප්රසංගයක් සඳහා සහහාගී වන්නට මට අවස්ථාව ලැබුනා.ඒ අවස්ථාවේ දැඩිසත්කාර ඒකකයේ ප්රතිකාර ලබන සුබෝධා නම් අවුරුදු 24 ක දියණියකට මාව දකින්නට ආසාවෙන් පසුවන බවත් හැකිනම් කැඳවාගෙන එන ලෙසත් වාට්ටුවේ හෙද නිළධාරින්ගෙන් ඉල්ලීමක් කොට තිබුනා. ඒ අනුව..ප්රසංග වේදිකාවේ ගී ගැයීමෙන් අනතුරුව මා වෙහෙස වී සිටියත් ඒ සියල්ල පසෙක ලා ඇයගේ එම අහිංසක ඉල්ලීම ඉටුකරන්නට මා ප්රමාද වූයේ නැහැ. එවන් ආදරනීය ..කාරුණික ඉල්ලීමක් මා මොන තරම් කාර්ය බහුල අවස්ථාවක පසුවුවත් කෙලෙසකවත් ප්රතික්ෂේප කරන්නෙ නෑ. ඒ අනුව මම ඇය අසලට ගොස් ඇය සමග කතා බහකොට ඇය වෙනුවෙන් ඇයගේ ආසම ගීතය ගායනා කරන්නට යෙදුණා.ඇය බොහෝ සෙයින් සතුටු වුනා..අමන්දානන්දයට පත්වුනා පමණක් නොව මා සමඟ ගීතයක කොටසක් ද මිමිණුවා.සැබැවින්ම …මිළ මුදලින් මනින්න බැරි තරම් නිම් හිම් නැති සතුටක් ඇයට වගෙම මටත් දැනුණා .එය වදනට පෙරළිය නොහැකි කියා නිමකරන්න බැරි තරම් නිරාමිස සතුටක්.. සැනසුමක් ..මගේ දෙමාපියන් ට .පිංසිදු වන්නට මේ මනුසත්කම මා ඔවුන්ගෙන් ලද දායාදයයිආදරණීය සුබෝධා දියණීයේ …ඔබට ඉක්මනින් ම නිදුක් ..නීරෝගි සුව ලැබේවා ..!!.
✅✅✅✅✅✅✅✅✅
Redirecting in a moment...
Tags:
News