අවන්හලකදී යුවළකට දරුණු පහරදීමක් .. සැමියා ජීවිතක්ෂයට - බිරිය රෝහලේ


 දූනගහ ගොඩිගමුව මාර්ගයේ පිහිටි අවන්හලක ඇතිවූ ගැටුමකින් බරපතල තුවාල ලත් පුද්ගලයකු ගම්පහ මහ රෝහලට ඇතුලත් කිරීමේන් පසු මරණයට පත්ව ඇතැයි දිවුලපිටිය පොලිසිය කියයි.

මෙසේ මරණයට පත්ව ඇත්තේ ඉද්දගොඩැල්ල පදිචිකරුවෙකි.

මියගිය අයගේ බිරියට අවන්හලේදී සිදුවූ බව කියන සිද්ධියක් පිළිබදව විමසීමට ගිය අවස්ථාවේදී අවන්හලේ හිමිකරු හා තවත් පුද්ගලයන් දෙදෙනෙකු මෙම යුවළට පහරදි ඇතැයි මූලික පොලිස් පක්ෂණවලදී හෙලිවි ඇත.

තුවාලලත් බිරිය දිවුලපිටිය රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිසිය කියයි.

පලාගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පැවැත්වේ..


Lankadeepa.lk

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post