(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කොලොන්නාව පොතුවිල්කුඹුර නාගහමුල්ල කුණු කන්දට යාබදව අභිරහස් ලෙස මියගිය පුද්ගලයකුගේ සිරුරක අස්ථි කොටස් හමු වූ බව වැල්ලම්පිටිය පොලිසිය කියයි
එම ස්ථානයේ තිබී ස්කබලක් කොඳු ඇට පෙළ හා පාදයක අස්ථි කොටස් මෙන්ම කළු පාටට කැප්ටොප්පියක් සහ කහ පාටටහුරු කොටට කලිසමක්ද දක්නට ඇතැයි පොලිසිය සඳහන් කරයි
කුණු කන්ද අසල නිවාසවල පදිංචි කුඩා දරුවන් දෙදෙනෙකු සරුංගල් යවමින් සිටියදී මෙම අස්ථි කොටස් දෙකක් නිවසට ගොස් දෙමව්පියන්ට දැනුම් දීමෙන් අනතුරුව ඒ බව පොලිසියට දැනුවත් කර තිබූ බව පොලිස් නිලධාරියකු පැවසීය.
මිය ගොස් ඇති පුද්ගලයා කාගේ කවුදැයි මෙතෙක් අනාවරණය වී නැත
සිදුවූ ස්ථානයට නුගේගොඩ අපරාධ පරීක්ෂණාගාරයේ නිලධාරීන් පැමිණ පරීක්ෂණ පැවැත්වූහ
මහේස්ත්‍රාත් පරීක්ෂණයක් පැවැත්වීමට ද නියමිතය.වැල්ලම්පිටිය පොලිසිය පරීක්ෂණ පවත්වයි
✅✅✅✅✅✅✅✅
Redirecting in a moment...
Tags:
News