පුද්ගලයෙකු කපාකොටා ඝාතනය කෙරේ


 යාපනය - කයිට්ස් පොලිස් වසමට අයත් පුන්ගුඩුතිව් ප්‍රදේශයේදී පුද්ගලයෙකු කපාකොටා ඝාතනය කර තිබේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 46ක් වන පුන්ගුඩුතිව් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

එහි සිටි පිරිස ඝාතනයට පැමිණි පුද්ගලයා අල්ලා ගැනීමට උත්සහ දරා ඇති අතර එහිදී ඔහු විසින් එම පිරිසටද පහර දී ඇත. 

එම පහරදීම් හේතුවෙන් කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු සිව් දෙනෙකු තුවාල ලබා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.

කයිට්ස් පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.


Ada derana News 

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post