ආයුර්වේදයේ බුද්ධි වර්ධනය සඳහා ඇති ප්‍රබලම ඖෂධය තමයි ලුණුවිල.
සිහින් කුඩා පැලෑටියක් වන ලුණුවිල හි දම්පැහැති මලක් පිපෙනවා. පුංචි පැළෑටියක් වුණත් එහි ඇති විස්මිත බලය නම් අපූරු එකක්.
මෙම ලුණුවිල වල ඖෂධ ගුණය අතිමහත් වේ. මෙය විරේචනයි, තිත්තයි, ස්නායු ශක්තිමත් කරයි, මතක ශක්තිය දියුණු කරයි, සිසිල් වේ, කහට රසැතියි, කටහඬ වඩයි, ආහාර රුචිය ඇතිකරයි , දිරවීම පහසු කරවයි, මුත්‍ර කාරකයි, ලේ පිරිසිදු කරයි, සම පැහැපත් කරයි, දහඩිය පිට කරයි.
මෙහි දී ලුණුවිල අපිට එදිනෙදා ජීවිතයේ දී ඖෂධයක් ලෙස, තම්බා වතුර බීම, සම්බෝලයක් ලෙස ආදී බොහෝ ක්‍රමවලට පරිභෝජනයට ගත හැකියි. ලුණුවිල වල රසය බෙහෙවින්ම තිත්තයි. ඒත් තිත්ත රසය ඖෂධීය ගුණයෙන් අති ඉහළ බවත් අපට අමතක කරන්න බැහැ.
තිත්ත රසයක් එක්ක ලුණුවිල කෑමට ගන්න පොඩිත්තෝ නම් එතරම් කැමැත්තක් දක්වන්නේ නැහැ. මේ ලුණුවිල සම්බෝලය නම් ඒ කාටත් සුදුසුයි.
තිත්ත ගතිය නැතිව ලුණුවිල සම්බෝලය හදමු :-
ගොටුකොළ කපන්නාක් මෙන් සිහින්ව ලියා පොල්, රතු ළූණු, ලුණු ස්වල්පයක්, ගම්මිරිස්, උම්බලකඩ, දෙහි ටිකක් දමා අතින් ඇනීම නොකළ යුතුයි. ඒ වෙනුවට භාවිත කල යුත්තේ හැන්දක්. එවිට තිත්ත ගතියක් එන්නෙ නැහැ.
මතක ශක්තිය ගිලිහී ගිය අයට
මෙවැනි අය ලුණුවිල යුෂ බිංදු කීපයක් පානය කිරීම යෝග්‍යයි. එවිට නැවත මොළයේ පටක වර්ධනයක් සිදු වෙනවා.
ලුණුවිල ක්ෂායක්, පවුඩර් එකක් යුෂ ලෙස ගන්න පුළුවන්.
නින්ද නොයන අයට
ලුණුවිල මඳක් වියළා කුඩුකර චුර්ණයක් ලෙස ඇල්දිය වීදුරුවකට දමා රාත්‍රියේ පානය කරන්න.
රුධිරය පිරිසිදු කරගැනීමට
ලුණුවිල කුඩු තේ හැන්දක් එළකිරි වීදුරුවකට දමා දිනපතා උදෑසන පානය කරන්නේ නම් රුධිරය පිරිසිදු වේ.
ඉතා මිහිරි කටහඬක් ලබාගැනීමට
ලුණුවිල, වදකහ, අරළු, වනපැලමුලේ පොතු, තිප්පිලි යන වර්ග මී පැණි කලං එක හමාරක් සමඟ උදේ හවස හත් දිනක් පාවිච්චි කිරීමෙන් කිඳුරෙකුට සමාන කටහඬක් ඇතිවෙන බව පුරාතන පත පොතෙහි සඳහන් වේ.
දරුවන්ගේ රත රෝග හා තුවාල වලට
ලුණුවිල, එරබදු කොළ, සියඹලා කොළ යුෂ ගෙන එයට රත් කිහිරිය කුඩු සහ කහ කුඩු දමා කකාරා ගාන්න.
ළදරුවන් ගේ ප්‍රතිශ්‍යාව හා කැස්සට
ලුණුවිල ඉස්ම තේ හැන්දක් පෙවීම සුදුසු වේ.
ළදරුවන්ගේ ලේ පිරිසිදු කිරීමට
ලුණුවිල වණ්ඩුවේ තම්බා යුෂ මිරිකා පෙවීම සුදුසුයි.
මෙම ලුණුවිල පැළෑටිය ලුණු මිශ්‍ර ජලජ පරිසරයේ හොඳින් වැඩේ. තෙතමනය සහිත ඕනෑම තැනක වැවිය හැකියි.
මල් බඳුන් මෙන්ම ජලය එක්රැස් වන ගල් තලා මත, ළිං පොකුණු අවට එකසේ වගාකළ හැකියි.
උපුටා ගැනීමක්

Redirecting in a moment...
Tags:
News