ඔබ දියවැඩියා රෝගියෙකු නම් අඹ කෑම ගැන ඔබ දැනගත යුතු කරුණු


 ඉන්දියාවට ග්‍රීෂ්ම සෘතුව එළඹෙත්ම මුම්බායිහි සිටින ප්‍රමුඛ පෙළේ දියවැඩියා රෝග විශේෂඥයෙකුට ඔහුගේ රෝගීන්ගෙන් අසන්නට ලැබෙන පොදු ප්‍රශ්නය වන්නේ "මට අඹ කන්න පුළුවන් ද?" යන්න ය.

"අඹ පැණිරස හා විවිධ වර්ගවලින් තියෙනවා, ඒවා ඉන්දියානු ගිම්හානයේදී අනිවාර්යයෙන් ම තියෙන දෙයක්, ඒ නිසා මිනිසුන් ඒවා රසබලන්න ආස කරන එක කිරීම පුදුමයක් නෙමෙයි," රාහුල් බක්සි පවසයි.

කෙසේ වෙතත්, ඔහු පවසන්නේ, මෙම සරල ප්‍රශ්නය අඹ අනුභව කිරීමෙන් දැඩි ලෙස වැළකිය යුතුය යන විශ්වාසයේ සිට එහි ප්‍රතිවිරුද්ධ අන්තය වන අධික ලෙස අඹ අනුභව කිරීම "දියවැඩියාව ඇති කළ හැකියි" යැයි සමහරු සිතන වැරදි වැටහීම් වලින් පිරී පවතින බව ය.

යථාර්ථය ඒ අතර කොතැනක හෝ ඇති නමුත් ව්‍යාකූලත්වය අඹ වාරය සමග අවසන් නොවේ. "ඇත්තෙන්ම කියනවා නම්, බොහෝ රෝගීන් අඹ වාරයෙන් පසු නැවත පරීක්ෂා කිරීම් සඳහා එනවා, ඔවුන්ට සාමාන්‍යයෙන් අධික සීනි මට්ටමක් රුධිරයේ තියෙනවා, සමහර විට එය ඔවුන් මෙම ප්‍රියතම පළතුර ඕනෑවට වඩා කාපු නිසා වෙන්න පුළුවන්," වෛද්‍ය බක්සි පවසයි.

BBC NEWS



Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post