ව්‍යාජ අංක තහඩු සහිත සැප රියක් පැදවූ වෛද්‍යවරිය අත්අඩංගුවට


 ව්‍යාජ අංක තහඩු සහිත සුඛෝපභෝගි මෝටර් රථයක් ධාවනය කරමින් සිටි වෛද්‍යවරියක් මහනුවර පොලීසියේ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් හදිසි ඇමැතුම් අංශයට ලද දුරකථන ඇමතුමකට අනුව මහනුවර වාරියපොළ සුමංගල මාවතේ දී සිදුකළ හදිසි සෝදිසි කිරීමක දී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

සැකකාරියගේ සැමියා ද වෛද්‍යවරයෙකු වන අතර මෙම මෝටර් රථයේ හිමිකාරත්වය ඔහු යටතේ පවතින නමුත් එහි තිබූ අංක තහඩු  ඔහුගේ සහෝදරයෙකුට අයත් මෝටර් රථයක අංක තහඩු බව පොලිස් පරීක්ෂණ වලදී හෙළි වී ඇති බව සඳහන් වේ.

සැකකාර වෛද්‍යවරිය මහනුවර පේරාදෙණියේ පිහිටි ප්‍රධාන රෝහලක සේවය කරන අතර සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින්  පරීක්ෂණ පවත්වයි.



✅✅✅✅✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post