දුම්රිය අංගනයෙන් හමු වූ බිළිඳු මළසිරුර ජාතික රෝහලේ දී අතුරුදන්


 දෙමටගොඩ මාලිගාවත්ත දුම්රිය අංගනයේ දුම්රියක වැසිකිලියක් තුළ තිබී සොයාගත් බිළිඳු මළසිරුර කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයෙන් අතුරුදන් වී ඇති බව පොලීසිය පවසයි.

පසුගිය අගෝස්තු පළමු දින අදාළ බිළිඳු මළ සිරුර සොයාගත් අතර පසුව එය කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරය වෙත භර දී තිබුණි.  

ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබු එම මළ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට යාමේදී එම මළ සිරුර නොතිබූ බව දෙමටගොඩ පොලීසිය පවසයි.  

මේ සම්බන්ධයෙන් දෙමටගොඩ පොලීසිය කළ දැනුම්දීමකට අනුව විමර්ශනයක් ආරම්භ කළ බව මරදාන පොලීසිය සඳහන් කළේය.

අද දිනයේ දී මේ සම්බන්ධයෙන් මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කරන බව ද මරදාන පොලීසිය සඳහන් කළේය.


✅✅✅✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post