සිසු හෙද පුහුණුවට සම්මුඛ පරීක්ෂණ දින සහ ස්ථාන මෙන්න


 2025 වසර සඳහා සිසු හෙද පුහුණුවට අදාළ සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන දිනයන් සහ ස්ථාන නිල වශයෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කර ඇත.

ඊට අනුව උතුරු, උතුරු මැද සහ වයඹ යන පළාත් ත්‍රිත්වයේම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි මෙම සම්මුඛ පරීක්ෂණ 2025 සැප්තැම්බර් 27 සහ 28 යන දින දෙක තුළ පැවැත්වීමට තිරණය කර ඇත.

එමෙන්ම උතුරු පළාතේ සියලුම දිස්ත්‍රික්ක සඳහා වන සම්මුඛ පරීක්ෂණ යාපනය හෙද විදුහලේදීත්, උතුරු මැද පළාතේ සියලුම දිස්ත්‍රික්ක සඳහා වන සම්මුඛ පරීක්ෂණ අනුරාධපුර හෙද විදුහලේදීත්, සහ වයඹ පළාතේ දිස්ත්‍රික්ක සඳහා වන සම්මුඛ පරීක්ෂණ කුරුණෑගල හෙද විදුහලේදීත් පැවැත්වීමට තීරණය කර ඇත.

මෙම සම්මුඛ පරීක්ෂණ සඳහා පැමිණිය යුත්තේ අමාත්‍යාංශය විසින් නිල වශයෙන් පෙර දැනුම්දීම් සිදු කළ අය පමණක් බවත් කැඳවීම් ලැබී ඇති අයදුම්කරුවන් පමණක් නියමිත දිනයන්හිදී අදාළ මධ්‍යස්ථාන වෙත වාර්තා කළ යුතු බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පවසයි.


✅✅✅✅✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post