රටම කැළඹු බස් අනතුරේ අවසන් විමර්ශන වාර්තාව නිකුත් කෙරේ.!

 


ඇල්ල – වැල්ලවාය මාර්ගයේ 23 හා 24 වන සැතපුම් කණුව ආසන්නයේදී පුද්ගලයින් 16 දෙනෙකුට මරු කැදවමින් සිදු වු බස් අනතුර සම්බන්ධයෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අවසන් විමර්ශන වාර්තාව නිකුත් කර ඇත.

තිරිංග පද්ධතියේ පැවති දෝෂය සහ රියදුරුට රථය පාලනය කිරිමට නොහැකි වීම ස්ත්‍රීමාලනය හේතුවෙන් අනතුර සිදුව ඇති බවට ඒ සම්බන්ධයෙන් විමර්ශනය සඳහා පත් කළ පංචපුද්ගල කමිටුව අනාවරණය කර ඇත.

ඒ අනුව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අවසන් විමර්ශන වාර්තාව හෙට දින ප්‍රවහන හා මහාමාර්ග අමාත්‍යංශයට භාරදිමට නියමිතව ඇත.

විනෝද චාරිකාවකට එක්ව සිටි තංගල්ල නගර සභාවේ සේවකයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් පිරිසක් එම අනතුරින් මියගියේය.

එම අනතුරින් පසුව බස් රථය නිසි ලෙස නඩත්තු නොකිරීමේ චෝදනාව මත බස් රථයේ හිමිකරු අත්අඩංගුවට ගෙන ඇපමත මුදා හැරියේය.


✅✅✅✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post