ඉන්දුනීසියාවේ පාසල් ගොඩනැගිල්ලක් කඩා වැටෙයි


 ඉන්දුනීසියාවේ ජාවා නුවර පිහිටි පාසලක ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන්ම එහි සිටි සිසුන්ගෙන්  සිසුන් තිදෙනෙකු මියගොස් තවත් 38 දෙනෙකු සුන්බුන් අතර සිර වී සිටින බව වාර්තාවේ.

විදෙස් මාධ්‍ය පැවසුවේ තවත් 101 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවය.

මියගොස් ඇත්තේ අවුරුදු 13ක් වයසැති පිරිමි ළමයෙකු වන අතර තුවාල ලබා රෝහල් ගත කර ඇති අය අතුරින් වැඩි පිරිසක් බරපතළ තුවාල ලබා ඇති බවත් මරණ ගණන ඉහළ යා හැකි බවත් වාර්තා වේ.

සුන්බුන් අතර සිරවී සිටින බවට විශ්වාස කෙරෙන 38 දෙනෙකු සොයා බේරා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක වේ.

මෙලෙස අනතුරට පත් ව ඇත්තේ වයස අවුරුදු 12 ත් 17 ත් අතර වයස්වල පාසලේ සිටි සිසුන් බව විදෙස් මාධ්‍ය පවසයි.

ගොඩනැගිල්ල කඩා වැටෙන විට යාඥා කිරීම සඳහා රැස්ව සිටි ඇති බව සඳහන් වේ.

කඩා වැටි ඇති දෙමහල් ගොඩනැගිල්ලේ අස්ථායී අත්තිවාරමක් තිබී ඇති බව වාර්තා වේ.


✅✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post