ප්‍රෙෂර් එකත් පාලනය කරන පොල් වතුරට මේ තරම් දේවල් කරන්න පුළුවන්ද?


 පොල් වතුර පානය කිරීමෙන් ලැබෙන සෞඛ්‍ය ප්‍රතිලාභ

දිනපතා පොල් වතුර පානයෙන් ලැබෙන විශ්මිත ප්‍රතිලාභ

01. ශරීරය විජලනය වීමෙන් වළක්වයි.

පොල් වතුර යනු ස්වභාවික ශක්තිජනක පානයකි. ව්‍යායාමවලට පෙර, අතරතුර සහ පසුව මෙය පානය කිරීමෙන් ශරීරයේ ද්‍රව සමබරතාවය ආරක්ෂා වී විජලනය වීම වළකයි. ලොව පුරා ක්‍රීඩකයන්ගේ ජනප්‍රියම පානයක් බවට මෙය පත්ව ඇත්තේ මේ සුවිශේෂී ගුණය නිසාය.

02.ශරීර බර පාලනයට.

සීනි අධික කෘත්‍රිම බීම වෙනුවට පොල් වතුර කදිම ආදේශකයකි. ආහාර වේලකට පෙර පොල් වතුර වීදුරුවක් පානය කිරීමෙන් කුසගිනි පාලනය වී, අධිකව ආහාර ගැනීම වැළකෙන අතර, එය තරබාරුව අඩු කිරීමට මග පාදයි.

03.ආහාර ජීර්ණය පහසු කරවයි.

තන්තු බහුල නිසා අජීර්ණ තත්ත්වයන් සමනය කිරීමට පොල් වතුරට හැකියාව ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව, පාචනය වැනි රෝග තත්ත්වයන් වළක්වා ගැනීමටද මෙය උපකාරී වේ.

04. රුධිර පීඩනය පාලනය කරයි.

පර්යේෂණ රැසකින් තහවුරු වී ඇත්තේ පොල් වතුර රුධිර පීඩනය යහපත් මට්ටමක පවත්වා ගැනීමට ඉවහල් වන බවයි. එහි අඩංගු පොටෑසියම් මගින් අධි රුධිර පීඩනය පාලනය කර, හෘදයාබාධ සහ ආඝාත අවදානම අඩු කරයි.

05.සම පැහැපත් කර තරුණ බව රැක දෙයි.

ප්‍රතිඔක්සිකාරක බහුල පොල් වතුර, ශරීරයේ විෂ නසන කාරකයක් ලෙස ක්‍රියා කරයි. මෙය සමට දීප්තියක් සහ සිනිඳු බවක් ලබා දෙන අතර, එහි අඩංගු ශාක හෝමෝන වයසට යාමේ ක්‍රියාවලිය මන්දගාමී කරයි. කුරුලෑ වැනි සමේ රෝග සඳහා පොල් වතුරෙන් සම ස්ක්‍රබ් කිරීමෙන්ද සාර්ථක ප්‍රතිඵල ලබාගත හැක.

06. වකුගඩු සහ මුත්‍රා පද්ධතිය පිරිසිදු කරයි.

පොල් වතුර ස්වභාවික මුත්‍රා වර්ධකයක් ලෙස ක්‍රියා කරයි. එමගින් මුත්‍රාශය, මුත්‍රා මාර්ගය සහ වකුගඩු පිරිසිදු කර, වකුගඩුවල ගල් ඇතිවීමේ අවදානමද අඩු කරයි. ඖෂධ, මත්ද්‍රව්‍ය සහ ආහාරවල ඇති විෂ රසායන හේතුවෙන් වකුගඩුවලට සිදුවන හානි පාලනය කිරීමටද පොල් වතුර සමත් වේ.

07. මානසික ආතතිය දුරු කිරීමට.

විටමින් B සංකීර්ණය සහ මැග්නීසියම් අඩංගු නිසා, පොල් වතුර මානසික ආතතිය පාලනය කිරීමට උපකාරී වේ. මැග්නීසියම් මගින් සතුටු හෝමෝනයක් වන ‘සෙරටොනින්’ නිෂ්පාදනය උත්තේජනය කරන නිසා සිතේ ප්‍රබෝධවත් බවක් ඇති කරයි.

08. ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරයි.

ශරීරයේ ප්‍රතිශක්තිය වඩවා, රෝගවලට එරෙහිව සටන් කිරීමේ හැකියාව ඉහළ නංවයි. පිළිකා සහ රුධිරය කැටි ගැසීමට එරෙහිව ස්වභාවික ඖෂධයක් ලෙසද ක්‍රියා කරයි.

පොල් වතුර යනු කිසිදු ක්ෂුද්‍ර ජීවී බලපෑමකින් තොර, පිරිසිදු පානයකි.එනම් පොල්ගෙඩිය තුළින්ම එය ස්වභාවිකවම ආරක්ෂා වෙයි. ආයුර්වේදය මෙන්ම බටහිර වෛද්‍ය විද්‍යාවද මෙහි ගුණ අගයා ඇත. දවසේ ඕනෑම වේලාවක, විශේෂයෙන්ම උදෑසන හිස්බඩ පානය කළ හැකි පොල් වතුර, ලෙඩ රෝගවලින් තොර නිරෝගී දිවියකට ඔබට ඇති හොඳම තිළිණයකි. මින් පසු පොල් බිඳින විට, ඒ වටිනා දියරය අපතේ නොයවා එහි සුව මහිමය ඔබත් අත්විඳින්න.


✅✅✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post