උසස් පෙළ සිසුන්ට අදාළව විශේෂ චක්‍රලේඛයක්


 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ හැදෑරීම සඳහා පහසුකම් සහිත දිස්ත්‍රිකයක පිහිටි පාසලක සිට දුෂ්කර දිස්ත්‍රික්කයකට අයත් පාසලකට සිසුන් ඇතුළත් කිරීම සඳහා කරනු ලබන ඉල්ලීමකදී එම සිසුවා දුෂ්කර දිස්ත්‍රිකයේ පාසල වෙත තාවකාලිකව අනුයුක්ත කිරීමට විධිවිධාන සලසමින් අධ්‍යාපන ලේකම්වරයා විසින් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරන්නේ, සිසුවකු පාසලකින් තවත් පාසලකට ඇතුළත් වීමේදී තාවකාලික අනුයුක්තයක් ලෙස ඇතුළත් කර ගැනීම ප්‍රථම වතාවට හඳුන්වා දෙන ක්‍රමවේදයක් බවයි.

පහසුකම් සහිත දිස්ත්‍රික්කයක පිහිටි පාසලකින් දුෂ්කර දිස්ත්‍රික්කයක පාසලකට උසස් පෙළ සිසුවෙකු ඇතුළත් වීමේදී එම පාසලේ පුරප්පාඩු පවතිනම් ඔහු අනුයුක්ත පදනමෙන් ඇතුළත් කරගත යුතු බවද එම චක්‍රලේඛයේ සඳහන් කර තිබෙනවා.


එහෙත්, අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට එම සිසුවා පෙනී සිටිය යුත්තේ කලින් ඉගෙනුම ලැබූ පහසුකම් සහිත පාසලේ සිසුවකු ලෙස වන අතර විශ්ව විද්‍යාල ප්‍රවේශ ලකුණු සලකා බැලීමේදී ද ඔහු අයත් වන්නේ පහසුකම් සහිත දිස්ත්‍රීක්කයේ සිසුවෙකු ලෙස බවද එම චක්‍රලේඛයේ සඳහන් කර තිබෙනවා.


නුවරඑළිය, හම්බන්තොට, යාපනය, කිලිනොච්චිය, මන්නාරම, මුලතිව්, වවුනියාව, ත්‍රිකුණාමළය, මඩකලපුව, අම්පාර, පුත්තලම, අනුරාධපුරය, පොළොන්නරුව, බදුල්ල, මොණරාගල සහ රත්නපුරය දුෂ්කර යැයි සලකුණු ලබන දිස්ත්‍රික්ක වන බවද අධ්‍යාපන ලේකම්වරයාගේ චක්‍රලේඛයේ සඳහන් කර තිබෙනවා.


තවද, පහසුකම් සහිත දිස්ත්‍රික්කයක 11 වැනි ශ්‍රේණිය දක්වා පමණක් පන්ති පැවැත්වෙන අවස්ථාවකදී එම සිසුවකුට උසස් පෙළ හැදෑරීම සඳහා දුෂ්කර පාසලකට යාමට අවශ්‍ය නම් එම සිසුවා මුළින්ම පහසුකම් සහිත දිස්ත්‍රික්කයේ උසස් පෙළ සහිත පසලකට ඇතුළත් විය යුතු අතර පසුව එම පාසලෙන් දුෂ්කර පාසලකට අනුයුක්තියක් ලබා ගත හැකි බවද, එම චක්‍රලේඛයේ සඳහන් කර තිබෙනවා.


තාවකාලිකව අනුයුක්ත කරන සිසුන් සම්බන්ධයෙන් තොරතුරු ගොනුවක් ලොග් සටහන් දුෂ්කර පාසල මගින් නඩත්තු කළ යුතු අතර අස්වීම් සහතික නිකුත්කළ හැක්කේ පාසල් අධ්‍යාපනය අවසන් වීමෙන් පසුව මුල් පාසල මගින් බවද එහි සඳහන් වනවා.


ඇතැම් සිසුන් හිතා මතාම උසස් පෙළ හැදෑරීම සඳහා දුෂ්කර දිස්ත්‍රික්කයක පාසලක් තෝරා ගන්නා අතර, එහි යටි අරමුණ වන්නේ අඩු ඉසෙඩ් ලකුණු මත විශ්ව විද්‍යාලවලට ඇතුළත් වීමට වන හෙයින් එමගින් දුෂ්කර පාසැල්වල ඉගෙනුම ලබන සිසුන්ට වන අසාධාරණය වැළැක්වීම සඳහා නව චක්‍රෙල්ඛය නිකුත් කර ඇති බවද වාර්තා වනවා.


✅✅✅✅✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post