පින්නවල අලි අනාථාගාරයේ ඇති දැඩි වූ අවුරුදු 35 පමණ වයසැති "මැණිකා " හස්තියා 2018 වර්ෂයේ සිට දීර්ඝ කාලීනව රෝගී තත්වයන් කිහිපයක් සඳහාම ප්‍රතිකාර ලබමින් පසුවු අතර එකී රෝගී තත්ව කිහිපයක ප්‍රතිඵලයක් ලෙස වැතිර නිදා ගැනීමෙන් අනතුරුව නැවත ස්වෝත්සාහයෙන් නැගිටීමට නොහැකි තත්වයක් ඇති විය.
ඉන් අනතුරුව ප්‍රශස්ත සත්ව සුබසාධන පහසුකම් යටතේ ජල තටාකයක රඳවා සිටි මෙම හස්තියා සුවකිරීම සඳහා පින්නවල අලි අනාථාගාරයේ පශු වෛද්‍ය කාර්ය මණ්ඩලය හා සත්ව අංශය ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලය දැඩි වෙහෙසක් ගත්ත ද එම උත්සාහයන් ව්‍යර්ථ වෙමින් මෙම හස්තියා ජීවිතක්ෂයට පත් විය.
✅✅✅✅✅✅✅
Tags:
News