නාවලපිටිය නගරයේ ස්ථාන කිහිපයකුම අද දහවල් රතිඤ්ඤා දල්වා සතුට සමරනු ලැබීය.
ඒ හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේට වසර විස්සක බරපතල වැඩ සහිත හිරදඬුවම් නියම වීමෙන් පසුවය.
හිටපු වෙළඳ ඇමැති නලින් ප්‍රනාන්දුට බරපතළ වැඩසහිත වසර 25ක සිර දඬුවම් සහ හිටපු ඇමති මහින්දානන්ද අලුත්ගමගේට බරපතළ වැඩසහිත වසර 20ක සිරදඬුවම් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය විසින් නියම කර ඇත.
ඒ 2015 ජනාධිපතිවරණය සමයේ සතොස ආයතනය හරහා කැරම් බෝඩ් 14,000ක් සහ දාම් බෝඩ් 11,000ක් මිලදීගෙන ක්‍රීඩා සංගම්වලට බෙදා දීම තුළින් රජයට රුපියල් මිලියන 53ක පාඩුවක් සිදුකළේ යැයි එල්ල වූ චෝදනා වලට වරදකරු කරමිනි.
එවකට ඇමතිවරයා ලෙස මහින්දානන්ද අලුත්ගමගේත් සතොස සභාපති ලෙස නලින් ප්‍රනාන්දුත් කටයුතු කලේය.
Tags:
News