නවීකරණ කටයුතු හේතුවෙන් අනිද්දා (11) මධ්‍යම රාත්‍රියේ සිට කොළඹ, පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ පරිශ්‍රය වසා තැබෙන බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා.
ඒ, හේතුවෙන් අදාළ නවීකරණ කටයුතු අවසන් වනතුරු බෝධිරාජ මාවත, ගුණසිංහපුර සහ බැස්ටියන් මාවතේ සිට බස්රථ ධාවනය කෙරෙන බවයි එම මණ්ඩලය සඳහන් කළේ.
ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ මධ්‍යම බස් රථ නැවතුම්පොළ නවීකරණය කිරීම සිදුවන අතර, මෙම නවීකරණ කටයුතු ලබන 15 වනදා ආරම්හ වන්නේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන්.
මෙම ව්‍යාපෘතිය සඳහා වැය කිරීමට අපේක්ෂිත මුදල රුපියල මිලියන 540ක මුදලක්.
අදාළ ව්‍යාපෘතිය වසරක් ඇතුළත අවසන් කිරීමට බලාපොරොත්තුවන බවයි ලංකා ගමනා ගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ඉන්දික චන්දිමාල් සඳහන් කළේ.
✅✅✅✅✅✅✅
Redirecting in a moment...
Tags:
News