ඉරානය ඊශ්‍රායලය දෙසට මිනිසුන් රහිත ගුවන් යානා 100ක් දියත් කරයි

 


ඊශ්‍රායලය ඉරානයට එල්ල කරන ලද ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් ඉරානය ඊශ්‍රායලය දෙසට මිනිසුන් රහිත ගුවන් යානා 100ක්” දියත් කර තිබෙනවා.

ඊශ්‍රායල ආරක්ෂක හමුදා (IDF) ප්‍රකාශක බ්‍රිගේඩියර් ජෙනරාල් එෆී ඩෙෆ්රින් මේ බව පවසා සිටියා. 

ඊයේ රාත්‍රියේ ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ඉරාන සන්නද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානියා, ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායේ (IRGC) අණදෙන නිලධාරියා සහ ඉරානයේ හදිසි අණදෙන නිලධාරියා ඇතුළු ජ්‍යෙෂ්ඨ ඉරාන හමුදා නිලධාරීන් කිහිප දෙනෙකු මිය ගිය බව විදෙස් මාධ්‍ය තහවුරුකර සිටියා. 

Post a Comment

Previous Post Next Post