පාකිස්තානයට සැර වැසි – ජීවිත 45ක් අහිමිවෙයි

 


පාකිස්තානයට බලපා ඇති අධික වර්ෂාපතනය හේතුවෙන් මේ වනවිට පුද්ගලයින් 45 දෙනෙකු මියගොස් ඇතැයි එරට ආපදා කළමනාකරණ නිලධාරීන් පවසයි.

මියගිය අය අතර දරුවන් 10 දෙනෙකු වන බව වාර්තා වේ. මේ අතර, තවත් පුද්ගලයින් 63 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

වර්ෂාවත් සමඟ ඇතිවු ගංවතුර තත්වය හේතුවෙන් ප්‍රදේශ රැසක ගමනා ගමනයට ද බාධා එල්ල වී ඇති බව සඳහන්ය.

කෙසේවෙතත් පාකිස්තානයට බලපා ඇති වර්ෂාපතන තත්වය ඉදිරි දින කිහිපයදීත් බලාපොරොත්තු විය හැකි බව එරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇත.

✅✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post