විශ්‍රාමික ගුරුවරියකට මරු කැදවූ මාරක අනතුර

 


මාර්ගය පසෙක නවත්වා තැබූ කැබ් රථයක දොර විවෘත කිරීමත් සමගම ධාවනය වෙමින් තිබූ යතුරුපැදයක හැඩලයේ ගැටීමෙන් පසුව එය මාර්ගය හරහා පෙරළීමෙන් මාරක අනතුරක් සිදුව තිබෙන බව පොලිසිය පවසනවා.
අනතුර හේතුවෙන් යතුරුපැදියේ ගමන්ගත් විශ්‍රාමික ගුරුවරියක් මියගොස් ඇගේ සැමියා තුවාල ලබා තිබෙනවා.

තුවාලකරු හොරණ දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුළත් කර ඇති බවයි බණ්ඩාරගම පොලීසිය පැවසුවේ.

විශ්‍රාමික යුද හමුදා සෙබළෙකු විසින් කැබ් රථය පදවා ඇති බව‍යි පැවසෙන්නේ.

යතුරුපැදිය පොකුණුවිට සිට බණ්ඩාරගම දෙසට ධාවනය කර තිබෙන අතර නවතා තිබූ කැබ් රථයේ දකුණු පස දොර හදිසියේම විවෘත කිරීම නිසා අනතුර සිදුවී පැදිකරු ඇතුළු දෙන්නා මාර්ගයට වැටී තිබෙන අතර එහිදී පිටුපසින් පැමිණි ත්‍රීරෝද රථයක පසුපැදිකාරිය ගැටීමෙන් ඇය ජීවිතක්ෂයට පත්ව තිබෙන බවයි පැවසෙන්නේ.

අනතුර හේතුවෙන් සැකකාර විශ්‍රාමික සෙබළා සහ ත්‍රීරෝද රථ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් අද (30) පානදුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර බණ්ඩාරගම පොලීසිය පරීක්ෂණ සිදුකරනවා

✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post