හිට්ලර්ගේ ලිපිලේඛන තොගයක් වසර 84කට පසු ආජන්ටිනාවෙන් මතුවෙයි

 


දෙවැනි ලෝක මහා යුද සමයේදී ජපානයේ ටෝකියෝ නුවර පිහිටි ජර්මානු තානාපති කාර්යාලය මඟින් එවනු ලැබූ ඇඩොල්ෆ් හිට්ලර්ගේ ජාතික සමාජවාදී ජර්මානු කම්කරු පක්ෂයට අයත් ලිපිලේඛන ඇතුළත් පෙට්ටි 83ක් ආජන්ටිනාවේ ශ්‍රේෂ්ඨාධිකරණ ගොඩනැඟිල්ලේ පහළ මාලයේ ගබඩාවකින් සොයාගෙන ඇතැයි සීඑන්එන් පුවත් සේවය වාර්තා කළේය. නාසිවාදීන්ට අයත් එම ලිපිලේඛන එවකට අාජන්ටිනාවේ බලධාරීන් විසින් විවෘත කර පරීක්ෂාවට ලක් කර ඇතැයි ද, පසුව රාජසන්තක කර ඇතැයි ද වාර්තා වේ.

ආජන්ටිනාවේ ශ්‍රේෂ්ඨාධිකරණ ගබඩාවෙන් යළි මතුවූ තැපැල්පත්, ඡායාරූප සහ නාසි ප්‍රචාරක පත්‍රිකා ඇතුළු ලිපිලේඛන තොගය ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයා විසින් පරීක්ෂාවට ලක් කර තිබේ. වසර 84කට පසු යළි හමුවූ නාසි ලිපිලේඛන තොගය ආජන්ටිනාවේ කෞතුකාගාරයට යොමු කිරීමට නියමිත බවද වාර්තා වේ.




✅✅✅✅✅✅✅

Post a Comment

Previous Post Next Post