ත්‍රිකලා ධරනි මොකක්ද මෙ ඕන්නැති හෑල්ලක් දාලා මෙ වෙලාවෙ ඔප්පු කරන්න හදන්නේ .
අන්තිමට කියලා තියෙන දෙයින් තේරෙන්නේ එයාගෙ ආයතනය ප්‍රවර්ධනය කරගන්න දාපු එකක් වගෙ .
මෙ මොහොතේ කිසිම මනුස්සයෙක් මෙවැනි Toxic post එකක් දාලා නැහැ නම් ත්‍රිකලා මෙතෙක් පුරාවට අනුදි වෙනුවෙන් කිසිම Post එකක් නොදා එකපාරටම තරග වල ඇදකුද කියන්න පටන් ගත්තෙ ඇයි .
ඇය සදහන් කරනවා ඇය ගියේ ලෝකේ ලොකුම තරගෙට කියලා .
ත්‍රිකලා ධරනි ඔබ තුමිය ගියේ Mrs Universe කියන තරගයට මිසක් Miss universe නෙවෙයි .
ඔබේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් පවා ඕක වැරදියට වටහගෙන ඉන්න බව අපි නිරතුරුවම දැකලා තියෙනවා .
මෙ තරග වල ඇතුලාන්තය ඔබ නොදැන ඇවිලෙන ගින්නට පිදුරු දානවා මෙන් මෙහෙම පෝස්ට් එකක් දාපු එක හරිම පිළිකුල් සහගතයි .
ඔබ තුමිය මෙවැනි ජාත්‍යන්තර තරග විවේචනය කොට අවසානෙට කියනවා එ වෙනුවෙන් තමා ඔබේ ආයතනය පිහිටලා තියෙන්නේ කියලා .
ආදරණීය ත්‍රිකලා ධරනි ඔබම සිතා බලන්න ඔබ ශේස්ත්‍රයට එවන නිරූපණ ශිල්පීන් ලෙස ලේබල් ගහන දරුවන්ට නිරූපණ ශේස්ත්‍රය තුළ පිළිගැනීමක් තියෙනවාද නැද්ද කියන වග.
ඔබ නිරූපණ ශිල්පීන් ශිල්පිනියන් 100 ක් බිහි කරානම්
එතනින් 99 ක්ම නිරූපණ ශිල්පියෙකු ශිල්පිනියක කියන තැනට අවම සුදුසුකමක්වත් නැති ළමයි .
කොටින්ම ඔබේ මේ විවේචනයට විරුද්ධව අදාල තරගාවලි සංවිධායකවරුන්ට නීතිය ක්‍රියාත්මක කිරීමට පවා අයිතියක් තියෙනවා .
හේතුව
Miss world , miss grand international තරගාවලියේ ඇතුලාන්තය ගැන අඹමල් රේණුවක් තරම් දෙයක්වත් නොදැන ඔබ මෙ වෙලාවෙ මෙ දාලා තියෙන්නේ ඕන්නැති කුණු ගොඩාක් .
කොටින්ම ත්‍රිකලා අවධානය වෙනුවෙන් මෙලෙස හැසිරෙන එකෙන් වලකින්න.
අනුන්ගේ ඇස් වල තියෙන පොල් කෙන්ද ගැන හොයන්නෙ නැතුව තමන්ගේ ඇසෙ තියෙන පොල් පරාලය ගැන අවධානය යොමු කරන්න .
අපි දුටුවා Original post එකේ ඔබට විරුද්ධව ප්‍රකාශ කරන කමෙන්ට් ඔබ ඉවත් කරනවා කියලා .
source – Video of Sri Lankan Celebrities