ඔලුවිල් අග්නිදිග විශ්වවිද්‍යාලයේ බරපතල අන්දමින් නවක වධය ක්‍රියාත්මක වන බව එහි පළමු වසරේ සිසුන් පවසනවා.
පසුගිය සතියේ අලුයම 2ට පමණ ශිෂ්‍ය නේවාසිකාගාරයට ඇතුළු වූ තෙවැනි වසරේ සිසුන් පිරිසක් තමන්ව බරපතල හිංසනයන්ට ලක් කළ බවත්, මේ හේතුවෙන් එක් සිසුවෙකුට ප්‍රතිකාර ගැනීමට පවා සිදු වූ බවත් එම සිසුන් චෝදනා කරනවා.
මෙරට විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ක්‍රියාත්මක නවක වධය වැළැක්වීම සම්බන්ධයෙන් මේ වනවිට යළි අවධානය යොමුව ඇත්තේ ඉකුත් අප්රේල් 29 වැනිදා සබරගමුව සරසවියේ සිසුවෙකු මුහුණ පෑ ඛේදනීය ඉරණමත් සමගයි.
එවැනි පසුබිමක ඔලුවිල් හී පිහිටි අග්නිදිග විශ්වවිද්‍යාලයේ ද නවක වදය බරපතල ලෙස ක්‍රියාත්මක වන බවට සරසවි සිසුන් චෝදනා කරනවා.
මීට පෙර අවස්ථා රැසකදී අග්නිදිග විශ්වවිද්‍යාලයේ පළමු වසරේ සිසුන් නවක වදයට ලක්ව තිබූ බවත් ඒ සම්බන්ධයෙන් ඔවුන් විශ්වවිද්‍යාලයේ උප කුලපතිවරයා දැනුවත් කළ බවත් සිසුන් පවසනවා.
එහිදී තමන්ට මුහුණ දීමට සිදුවන හිංසනයන් පිළිබඳව ඊ- මේල් පණිවුඩ ඔස්සේද උපකුලපතිවරයා දැනුවත් කළ බවයි අගතියට පත් සරසවි සිසුන් පවසන්නේ.
නවක වදය අතරතුර තෙවැනි වසරේ සිසුන් විසින් පළමු වසරේ සිසුන් කිහිප දෙනෙකුට පහරදී තිබූ අතර එහීදී එක් සිසුවෙකුගේ කනට දැඩි තුවාල සිදුව ඇති බව ද එම සිසුන් පවසනවා.
පසුව අදාළ සිසුවා අක්කරෙයිපත්තු මූලික රෝහලට ඇතුළු වී ප්‍රතිකාර ලබාගත් බවයි අගතියට පත් සිසුන් වැඩිදුරටත් සඳහන් කළේ.
මෙම සිදුවීම සම්බන්ධයෙන් අප අග්නිදිග විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය එස් එම් ජුනයිඩීන්ගෙන් විමසීමට කිහිපවරක්ම උත්සහ කළ අතර ඔහුව සම්බන්ධ කර ගැනීමට හැකි වූයේ නැහැ.