ඉරානයේ ප්‍රහාරවලින් ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකික කාන්තාවකට තුවාල

 


ඉරානය විසින් ඊශ්‍රායලයේ ටෙල්අවීව්, හයිෆා සහ අවට ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් එල්ල කළ ප්‍රහාර හේතුවෙන් ශ්‍රී ලාංකික කාන්තාවක් තුවාල ලබා තිබේ.

ඊශ්‍රායල තානාපති නිමල් බණ්ඩාර මහතා පවසන්නේ, අයගේ තත්ත්වය බරපතළ නොවන බවය.

මෙලෙස තුවාල ලාබ ඇත්තේ, ඊශ්‍රායලයේ බැට් යම් ප්‍රදේශයේ සේවය කරන ලද ශ්‍රී ලාංකික කාන්තාවකි.

මේ අතර ටෙල්අවීව් නගරයට දකුණු දෙසින් සේවය කරන ශ්‍රී ලාංකික කාන්තාවක් ද ඇය සේවය කරන නිවසේ ඇති වූ දෙදරීම හේතුවෙන් එම නිවසේ සිටි අය සමග ඉවත්ව ඇති බව වාර්තා වෙයි. 


✅✅✅✅

Post a Comment

Previous Post Next Post